April 20, 2024

ඩයනා ගමගේට අලුත් තනතුරක්

November 30, 2021

ශ්‍රී ලංකා දකුණු අප්‍රිකානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ අභිනව සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය ඊයේ (29) තේරි පත්වුණා.

ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නව වැනි පාර්ලිමේන්තුවට අදාළ නිලධාරී මඩුල්ල තෝරා පත්කර ගැනීමේ විශේෂ රැස්වීම කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා.

ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහකොමසාරිස් සැන්ඩයිල් එඩ්වින් ෂාක් මහතා මෙහිදී විශේෂ ආරාධිතයා වශයෙන් එක්වූ අතර පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා ද මෙම අවස්ථාවට සහභාගී වී තිබෙනවා.

මෙහිදී ශ්‍රී ලංකා දකුණු අප්‍රිකානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ අභිනව ලේකම්වරයා වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා ද උප සභාපතිවරුන් වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අරවින්ද් කුමාර්, වීරසුමන වීරසිංහ සහ මර්ජාන් ෆලීල් යන මහත්වරුද තේරි පත්වුණා.

මීට අමතරව භාණ්ඩාගාරික වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා ද උප ලේකම් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.එම් මුෂාරෆ් මහතාද තේරි පත්වුණා.

රැස්වීම අමතමින් කථානායකවරයා පවසා සිටියේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දශක ගණනාවක සිට පැවතෙන ද්වීපාර්ශවීය සබදතා මෙම සංගමය හරහා තවදුරටත් ශක්තිමත් වනු ඇති බවයි.

එසේම දකුණු අප්‍රිකානු කලාපය තුළ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වෙළද සහකරු වන දකුණු අප්‍රිකාව සමග නිදහස් වෙළද ගිවිසුමකට එළඹීමට ඉදිරියේදී අපේක්ෂා කරන බව ද ගරු කථානායකවරයා පැවසුවා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 01 December 2021 13:37

Related items