March 29, 2024

කංසා වවන්න ආණ්ඩුව අවසර දෙන්න යයි! සල්ලි හොයන හැටිත් කියයි

November 30, 2021

කංසා අපනයනය සඳහා අවශ්‍ය නීති මැතිසබයට ළඟදීම ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට බලාපොරොත්තුවන බව දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍යය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා පවසනවා.

එම අනුමැතිය ලබා ගන්නේ අපනයනයට පමණක් බවත් සම්ප්‍රදායික ඖෂධ නීතිගත කරන බවත් කංසා මගින් පිළිකා සුව කළ හැකි බවට සොයාගෙන ඇති බවත් ජයකොඩි මහතා ප්‍රකාශ කළා.

දේශීය ඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය මෙරට නිපදවීමට කටයුතු කරගෙන යන බව ද ඔහු සඳහන් කළා.

දේශීය වෛද්‍ය ක්‍රමය හරහා විදේශ විනිමය ලබා ගැනීමට සැලසුම් කර ඇතැයිද ඒ මහතා පෙන්වා දුන්නා.

අංශභාග රෝගවලට පිළිකා රෝගවලට දණහිස් ආබාධවලට දේශීය වෛද්‍ය ප්‍රතිකාර ප්‍රතිකාරවලින් පිළිසරණ ලැබෙන බවත් පිළිකා සහ අංශභාග රෝග සඳහා වෙනම වෛද්‍ය ප්‍රතිකාර ඒකක පිහිටුවීමට කටයුතු කරගෙන යන බවත් සිසිර ජයකොඩි රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.

පශ්චාත් කොවිඩ්ප්‍රතිකාර ආයුර්වේද මධ්‍යස්ථාන පිහිටවූ බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා නාවින්න ආයුර්වේද මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගෙන නොනිදන ආයුර්වේද කලාපයක් ස්ථාපනය කිරීමට කටයුතු කරගෙන යන බවද ප්‍රකාශ කළා.

සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ කිහිපයක වැය ශීර්ෂ පිළිබඳ කාරක කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවා.

Rate this item
(0 votes)