March 29, 2024

"මේක ලොකු අර්බුදයක්" - දයාසිරි ඇත්ත හෙළි කරයි (VIDEO)

November 30, 2021

මෙරට තිබෙන රෝහල්වල ඇතිව තිබෙන තත්වය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අද(30) පාර්ලිමේන්තුවේදී කරුණු අනාවරණයක් සිදුකළා

ප්‍රධාන රෝහල්වලට වැඩි වැඩියෙන් මුදල් වෙන් කර දියුණු කරන බවත් නමුත් ග්‍රාමීය රෝහල් දියුණු කිරීමට වැඩපිළිවෙලක් සකස් කර නොමැති බවත් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

2019 වර්ෂයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයේ රෝහල් සඳහා මුදල් වෙන් කිරීම පිළිබඳ සොයා බැලීමේදී ඇත්තේ කණගාටු තත්වයක් බවත් ඒ මහතා සඳහන් කළා.

ලංකාවේ රෝහල් සදහා ප්‍රාග්ධන වියදම බිලියන 28.5 ක් වන අතර සියලු පළාත් සභා යටතේ පාලනය වන රෝහල් සඳහා වෙන් කර ඇත්තේ බිලියන 1.5ක් පමණයි.

පළාත් සභා හරහා බලය බෙදීමේදී ලබා දී ඇත්තේ කුමක්ද යන්න ප්‍රශ්නාර්ථයක් බවත් පලාත් සභාවලට ආදායමක් නොමැතිකමින් සම්පත් බෙදී යාමේ විෂමතාවයක් ඇතිව තිබෙන බවත් දයාසිරි ජයසේකර අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

2019 සංඛ්‍යාලේඛන අනුව ලංකාවේ වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව 20,381ක් වන අතර නමුත් කොළඹ, ගම්පහ, මහනුවර රෝහල් වල පමණක් වෛද්‍යවරුන් 9000ක් සිටින බවත් ඊට ප්‍රධානම හේතුව රෝහල්වලට කාඩර් එකක් සකස් කර නොමැතිකම බවත් ඔහු අනාවරණය කළා.

මෙය ලොකු අර්බුදයක් බව පෙන්වා දුන් ඒ මහතා වෛද්‍යවරුන්ගේ හිඟ බවක් නොමැති බවත් ප්‍රධාන රෝහල්වල රෝගීන් පිරී ඉතිරී ඇති බවත් නමුත් ග්‍රාමීය රෝහල්වල රෝගීන් නොමැති බවත් කියා සිටියා.

ග්‍රාමීය රෝහල්වල විශ්වාසය බිඳ වැටී ඇති බවත් සෑම රෝහලකටම වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව පිළිබඳ වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුලේ කල්ලි කණ්ඩායම් දෙක තුනක් සිටින බවත් ඔවුන් රණ්ඩු වෙන බවත් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

එම වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)
Last modified on Tuesday, 30 November 2021 16:55

Related items