April 23, 2024

"කඩන කඩන ගෑස් එක ලීක්" - ගෑස් කඩ හිමියන් කියන කතාව (VIDEO)

November 30, 2021

ඊයේ දිනය තුළ ගෑස් පුපුරා යාමේ සිදුවීම් 10 ක් වාර්තා වුණා.

හැටන්, මල්ලිඅප්පුව, මාරවිල, යාපනය, කිලිනොච්චිය, හංවැල්ල, පාදුක්ක, ඇඹිලිපිටිය, මාවනැල්ල සහ මාතර යන ප‍්‍රදේශවලින් මෙම සිදුවීම් වාර්තා වුණේ.

ගෑස් කාන්දුවීම් හේතුවෙන් සිලින්ඩරය හෝ ගෑස් ලිප් පුපුරා යාම මෙම සිද්ධීන් 10 ට ඇතුළත්.

මේ අතර තම වෙළෙදසැලෙන් ගෑස් රැගෙන ගිය අයකු සිලින්ඩරයෙන් ගෑස් ලීක් බව කියමින් යළි රැගෙන ආ බවත්, පසුව නව ගෑස් ටැංකියක් ලබා දීම සදහා කටයුතු කරද්දී ආවරණය ඉවත් කරන සියලු සිලින්ඩරවලින් ගෑස් ලීක් වෙමින් තිබූ බවත් අතුරුගිරියේ වෙළෙදසල් හිමියෙක් පැවසුවා.

මේ හේතුවෙන් ගෑස් වෙළදාම කරගෙන යා නොහැකි බව කී එම වෙළෙදසැල් හිමියා මෙය සාපයක් බවත් කියා සිටියා.

"ගෑස් ටින් 20ක්, 25ක් තමයි දවසට බාන්නේ. දවස් දෙකකට තුනකට සැරයක් තමයි එකක් බාන්නේ. ගෑස් ටින් ටික බෑවට පස්සේ දැන් පෙරේදා ගෙදරකින් කෝල් එකක් ආවා. ඒකට මම කම්පැනි එක දැනුවත් කරලා අවශ්‍ය කටයුතු කළා. අද උදේ අල්ලපු කඩේ එක්කෙනා ආවා ගෑස් එකක් ලීක් වෙනවා කියලා. එයා ඒකට එකක් ගෙනියන්න අනික් ඒවා කැඩුවා. කඩන කඩන එක ලීක්. කරන් යන්න බැහැ මේ විදියට නම් කඩේ. මේක නිකන් සාපයක් වගේ මට දැනෙන්නේ."

Rate this item
(0 votes)
Last modified on Tuesday, 30 November 2021 12:48