April 25, 2024

එජාපයෙන් ගිය අර්ජුන බලවේග දෙකක් ගැන අවධානයක

November 30, 2021

අර්ජුන රණතුංග මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී තිබෙනවා.

ඒ සමගම හිටපු අමාත්‍යවරයෙකුද වූ රණතුංග මහතාගේ මීළඟ දේශපාලන නවාතැන කොතැනදැයි යන ප්‍රශ්නයක් පැන නැගෙනවා.

දේශපාලනයේ ආරම්භය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුල් වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තුවට පැමිණි ඔහු ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණ මූලික වූ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයෙන් 2010 වසරේදී පාර්ලිමේන්තුවට තේරී පත්වුණා.

ඉන්පසුව 2015 වසරේදී එක්සත් ජාතික පක්ෂය මුල් වූ එක්සත් ජාතික පෙරමුණෙන් පාර්ලිමේන්තුවට ආ රණතුංග මහතා මීළඟට සම්බන්ධ වන දේශපාලන ප්‍රවාහයන් දෙකක් පිළිබඳව තොරතුරු වාර්තා වනවා.

සජිත් සමග සාකච්ඡාව 

ඉන් එකක් වන්නේ සමගි ජන බලවේගයයි.

රණතුංග මහතා සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා සමග සාකච්ඡා කොට තිබෙන බව දැනගන්නට තිබෙනවා.

ඒ අනුව ඔහුව සමගි ජන බලවේග ගම්පහ හෝ කොළඹ දිස්ත්‍රික්ක ආසන සංවිධායකවරයකු ලෙස පත් කිරීම පත් කිරීම පිළිබඳව ප්‍රේමදාස මහතාගේ අවධානය යොමුව තිබෙන මුත් කොළඹ හා ගම්පහ එම පක්ෂයේ දැනට සිටින ප්‍රබලයන් හා සංවිධායකවරුන් ඊට විරෝධය පළ කර ඇති බවයි වාර්තා වන්නේ.

යළිත් පරණ තැනට

මේ අනුව ඔහුව යළිත් 2010 මහ මැතිවරණයේදී ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයෙන් තරග කළ කළුතර දිස්ත්‍රික්කයට දැමීම පිළිබඳව ප්‍රේමදාස මහතාගේ මහතාගේ අවධානය යොමුව තිබෙන බවත් වාර්තා වනවා.

ඒ අතර ජනතා විමුක්ති පෙරමුණ මුල් වූ සන්ධානයකට සම්බන්ධ වීම පිළිබඳවත් රණතුංග මහතාගේ අවධානය යොමුව තිබෙන බවයි දැනගන්නට තිබෙන්නේ.

ඒ එවැනි සන්ධානයක් හරහා මීළඟ ජනපතිවරණයේ දී පොදු අපේක්ෂකයා වීමේ අරමුණින්.

පොදු අපේක්ෂක සිහිනය

රණතුංග මහතාද ජනාධිපතිවරණයකදී පොදු අපේක්ෂකයා වීමේ බලාපොරොත්තුවෙන් සිටින්නේ.

2015 ජනපතිවරණයේදී තමාව පොදු අපේක්ෂකයා කිරීමේ අවශ්‍යතාවයක් අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන් තුළ තිබූ බව රණතුංග මහතා මීට පෙර ප්‍රකාශ කර තිබුණා.

ඒ අනුව රණතුංග මහතා සමගි ජන බලවේගය හෝ ජනතා විමුක්ති පෙරමුණ මුල් වූ සන්ධානයක් සමග ඉදිරි දේශපාලන කටයුතු කිරීමට නියමිතයි.

රණතුංග පවුලේ සොහොයුරන් අතුරින් අර්ජුන රණතුංග මහතා සමග සමීපව කටයුතු කරන රුවන් රණතුංග මහතා මේ වන විටත් සමගි ජන බලවේගයට එක් වී අවසන්.

ඔහුද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුද වනවා.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 01 December 2021 10:45

Related items