April 19, 2024

සිරිසේන කුරේ අභාවප්‍රාප්ත වෙයි Featured

November 30, 2021

හිටපු අමාත්‍යවරයෙක් වන සිරිසේන කුරේ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වු බව ඔහුගේ පවුලේ ආරංචි මාර්ග සඳහන් කළා.

ඔහු 1979 සිට 1989 දක්වා කොළඹ නගරාධිපතිවරයා ලෙස කටයුතු කර තිබුණි.

අනතුරුව 1989 දී රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ රජයේ නිවාස සහ ඉදිකිරීම් අමාත්‍යවරයා ලෙසද ඔහු කටයුතු කළා.

එසේම කලක් ඔහු එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන ලේකම් ධූරයද හෙබවීය.

Rate this item
(0 votes)