April 23, 2024

හදිසි විදුලි බිඳ වැටීමක් - තැනින් තැන විදුලිය ඇණ හිටී

November 29, 2021

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට විදුලිය විසන්ධි වි තිබෙනවා.

කොත්මලේ සිට බියගම දක්වා විදුලිය සම්ප්‍රේෂණය කෙරෙන අධිබලැති රැහැන් පද්ධතියේ බිඳ වැටීමක් මිට හේතු වී ඇති බවයි විදුබල අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසුවේ.

කොළඹ දිස්ත‍්‍රික්කයේ පිලියන්දල, මොරටුව, අතුරුගිරිය, ගල්කිස්ස ඇතුළු ප්‍රදේශ වල මෙසේ විදුලිය බිඳවැටීමක් සිදුව තිබෙනවා.

ඊට අමතරව මාතලේ, බදුල්ල, නුවරඑළිය දිස්ත්‍රික්කවල ද ප්‍රදේශ කිහිපයක විදුලිය බිඳ වැටී තිබෙනවා.

ඉංගිරිය, හසලක යන ප්‍රදේශ වලද විදුලිය විසන්ධි වි තිබෙන බවද අප වාර්තාකරුවන් පැවසුවා.

අද පස්වරු 7.35ට පමණ මෙම බිඳ වැටීම සිදුවී ඇති අතර එය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතින බවත් සුලක්ෂණ ජයවර්ධන මහතා සදහන් කළා.

Rate this item
(0 votes)
Last modified on Monday, 29 November 2021 21:38