April 25, 2024

ගෑස් අනතුරු ගැන ගිනි නිවීමේ ඒකකයෙන් දැනුම්දිමක්

November 30, 2021

ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල සිදුවන කාන්දුවීම් සහ ගෑස් පිපිරීම් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මේ වනවිට වාර්තා වෙමින් පවතිනවා. ඊයේ දිනයේදී ද දිස්ත්‍රික්ක කිහිපයකම ගෑස් අනතුරු වාර්තා වුණා.

ඒ අනුව ගෑස් කාන්දුවකදී ජනතාව ක්‍රියාකළ යුතු ආකාරය සම්බන්ධයෙන් දැනුවත් කිරීමට ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණා.

ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ පුහුණු කිරීමේ නිලධාරී යූ. එස් කලන්සූරිය මහතා ඒ බව පැහැදිලි කළා.

"විශේෂයෙන්ම ගෑස් කාන්දුවකදී ඒ ආසන්නයේ ගිනිගන්නා සුළු කිසිවක් තබන්න එපා. එමෙන්ම ගෑස් සිලින්ඩරය ඇදීමෙන් වළකින්න. එහිදී නැවත ස්පාක්වීමක් සිදුවීම නිසා පිපිරීමක් ඇති වෙන්න පුළුවන්. ගෑස් කාන්දුවකදී සිලින්ඩරය ඉවත් කර ගන්නා ආකාරය වැදගත්. මෙහිදී ගෑස් සිලින්ඩරය එම ස්ථානයෙන් ඉවත් කිරීමේදී එය කෙළින් අතට විය යුතුයි. ආධාරකයක් යොදා ගනිමින් එය කළ යුතුයි. පසුගිය දිනවල ගෑස් කාන්දුවීම් හා පිපිරීම් විවිධ ප්‍රදේශවලින් වාර්තා වුණා. ප්‍රධානම හේතුව වී ඇත්තේ ගෑස් ලිප සම්බන්ධයෙන් විශේෂ අවබෝධයක් නොතිබීම. ඒ වගේම ගෑස් පාවිච්චියෙන් පසු එය නිවැරදිව ක්‍රියාවිරහිත නොකිරීම නිසා ගොඩක් ව්‍යසනයන් ඇතිවී තිබෙනවා.ඇතැම් ස්ථානවල වතුර උණු කරලා වතුර පිටතට ඇවිත් ලිප නිවිලා. ඒත් ගෑස් පිට වෙනවා. ඒ බව අවබෝධයක් නොමැතිව ලිප නැවත ක්‍රියාත්මක කිරීම නිසා අනතුරු සිදුවී තිබුණා."
 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 30 November 2021 11:33