April 20, 2024

අර්ජුනත් රනිල් අතහැර යයි - මීලඟට?

November 29, 2021

වහාම ක්‍රියාත්මක වන පරිදි එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමට හිටපු අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා තීරණය කර තිබෙනවා.

ඔහු විසින් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකරමින් මේ බව සඳහන් කර තිබෙනවා.

තවදුරටත් පක්ෂයේ රැඳී සිටීම ඵලක් නොමැති බවට හැගී යන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

පසුගිය මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට ලැබුණේ දැවැන්ත පරාජයක් බව ස්වයං විවේච්චනාත්මකව පිළිගත යුතු බවයි අර්ජුණ රණතුංග මහතා අවධාරණය කරන්නේ.

වත්මන් සහ අනාගත අභියෝග ජයගැනීමට සුදුසු වැඩපිළිවෙලක් ඇතිවන බවක් පක්ෂය තුළ පෙනෙන්නට නොමැති බැවින් තවදුරටත් පක්ෂයේ රැඳී සිටීම ඵලක් නොමැති බව ඔහු යවා ඇති ලිපියේ වැඩිදුරටත් සඳහන්.

එම ලිපිය පහතින්,

Rate this item
(0 votes)
Last modified on Wednesday, 01 December 2021 10:46

Related items