April 23, 2024

බේකරි නිෂ්පාදන වල අලෙවියේ අඩුවක්

November 29, 2021

පාන් මිල රු 10.00 කින් සහ සෙසු බේකරි නිෂ්පාදන වල මිල රු 5.00 කින් වැඩි කිරිමත් සමග පාන් ඇතුළු අනෙකුත් බේකරි නිෂ්පාදන වල අලෙවිය අඩුවක් දක්නට ඇති බව බේකරි නිෂ්පාදකයන් කියා සිටිනවා.

තිරිගු පිටි මිල රු 17.50 කින් වැඩි කිරිමත් සමග එයට සමගාමිව පාන් සහ සෙසු බේකරි නිෂ්පාදන වල මිල වැඩි කිරිමට සිදු වු බවත්, එම තත්ත්වය හමුවේ තම බේකරි නිෂ්පාදන වල අලෙවිය අද (29) දින අඩු බවයි එම වෙලදුන් කියා සිටින්නේ.

හැටන් ප්‍රදේශයේ ප්‍රධාන පෙලේ තවත් බේකරි නිෂ්පාදන හිමියෙකු කියා සිටියේ තමන් සතුව දින 10කට ප්‍රමාණවත් තිරිගු පිටි තොග තිබු නිසා එම තිරිගු පිටි තොග අවසන් වන තෙක් පාන් හෝ බේකරි නිෂ්පාදන වල මිල ඉහල  දැමිමට කටයුතු නොකරන බවයි.

පැරණි මිලට පාන් සහ බේකරි නිෂ්පාදන අලෙවි කිරිමේදිද අලෙවිය අඩුවක් තිබු බවත්, නව මිලට බේකරි නිෂ්පාදන අලෙවි කිරිමේදි වෙලදාම තවදුරටත් අඩුවිය හැකි බවයි එම වෙලදුන් කියා සිටින්නේ.

හැටන් ප්‍රදේශයේ ආපන ශාලා හිමියන්ද අද (29) දින සිට තිරිගු පිටි ආශ්‍රිත කෙටි ආහාර වල මිල වැඩි කර අලෙවි කිරිමට ඔවූන්ගේ සංගමයේ තිරණ අනුව පියවර ගෙන තිබෙනවා.

Rate this item
(0 votes)