March 19, 2024

යාපනයේ වෙරළට අදත් මළ සිරුරක් ගොඩ ගහලා - හේතුව තවම අභිරහසක් (PHOTOS)

November 29, 2021

යාපනය ඩෙල්ෆ් මුහුදු තීරයට ගොඩගසා තිබූ තවත් නාඳුනන මළ සිරුරක් ඊයේ (28) දිනයේදී සොයා ගත් බවට ඩෙල්ෆ් පොලීසිය පැවසුවා.

නෙඩුන්තීවු ධීවරයින් පිරිසක් විසින් ඩෙල්ෆ් මුහුදු වෙරලට ගොඩ ගසා තිබූ අදාල මළ සිරුර දැක ඒ පිළිබඳව ඩෙල්ෆ් පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව පොලීසිය එම ස්ථානයට ගොස් පරික්ෂණ සිදුකරනු ලැබුවා.

කෙසේවෙතත් මළ සිරුර ඒ වන විටත් දැඩි ලෙසින් නරක් වී තිබුණු අතර හඳුනා ගැනිමටද නොහැකි තත්වයක පැවති බව අප වාර්තාකරු සඳහන් කළා. 

මේ අතර ඊයේ (27) යාපනය වැල්වැටිතුරෙයි මනල්කාඩු මුහුදු තීරයටද මෙලෙසින් නාදුනන මළ සිරුරු දෙකක් ගොඩගසා තිබියදී සොයාගත් අතරම අද (28) දිනයේද නාදුනන මළ සිරුරක් ගොඩගැසීමත් සමග පොලීසිය විසින් අදාල මළ සිරුරු ගොඩ ගැසීම සම්බන්ධයෙන් විශේෂ පරික්ෂණයක් ආරම්භ කොට තිබෙනවා.

මේ අතර අදාල මළ සිරුරු සම්බන්ධයෙන් පරික්ෂණ සිදු කිරීමේදී උතුරු පලාතේ මුහුදු ගිය ධීවරයින් අතුරුදහන්වීමක් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් නොමැති හෙයින් යම් හෙයකින් උතුරු මුහුදට ඇතුල් වීමට උත්සහ කරන ලද අනවසර සංක්‍රමණිකයින්ගේ බෝට්ටුවක් පෙරලී එහි පැමිණි පිරිස් මෙලෙස දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව සිරුරු ගොඩගසන්නේදැයි යන්න පිළිබඳව සෙවීම සඳහා නාවික හමුදාවද දැනුවත් කොට ඇතැයිද පොලීසිය වැඩිදුරටත් පැවසුවා.

සබැඳි පුවත් : යාපනයේ වෙරළට මළ සිරුරු ගොඩ ගහලා

Rate this item
(0 votes)