April 18, 2024

මහ බැංකුවේ රහස් තාමත් රනිල් අතේ: රටේ තත්වය ගැන තවත් හෙළිදරව්වක්

November 29, 2021

රට තුළ විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බවට හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද(29) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළා.

රටේ පවතින විදේශ විනිමය තත්වය මත රටේ බලශක්තිය ගැන තීරණය වන බවත් ඒ අනුව විදේශ විනිමය අඩු වුවහොත් විදුලි කප්පාදුවක් ඇති විය හැකි බවත් හිටපු අගමැතිවරයා පෙන්වා දුන්නා.

දැනට විදේශ සංචිතයේ තිබෙන්නේ බිලියන 1.5ක් බවත් ඉන් 300ක් රත්රන් බවත් එන් ඩොලර් තිබෙන්නේ 1.2ක් බවත් ඔහු සඳහන් කළා.

"මම අහන්නේ එක දෙයයි. සාමාන්‍යයෙන් සිකුරාදා හැන්දෑනේ තොරතුරු අපිට සාමාන්‍යයෙන් එවන්න තියෙනවා අයිඑමඑෆ් එකට. ඊට කලින් සතියේ තොරතුරු එව්වා. මේකත් එවලා තියෙනවා කියලා මට ඇතුලෙන් ආරංචියි. ඒක මේ සභාවට ගෙනත් දෙන්න. මහ බැංකුව කියනවානම් ඒක නෑ කියලා. ඒක බොරුවක්" යැයි රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළා.

ඊට පිළිතුරු දෙමින් බලශක්ති අමාත්‍යවරයා සඳහන් කළේ සාමාන්‍ය තත්වයක් යටතේ හිටපු අගමැතිවරයා පවසන පරිදි සිදුවිය හැකිව තිබූ බවත් ජල විදුලියෙන් විදුලි නිෂ්පාදනය සියයට 55 දක්වා ඉහල ගොස් ඇති නිසා දැවි තෙල් වල ඉල්ලුම පහල ගොස් ඇති බවත්ය.

දැවිතෙල් විදුලි බලාගාරයට අවශ්‍ය දැවිතෙල් තව දින 40කට තිබෙන බවත් එනිසා විදුලි කප්පාදුවක් සිදුනොවන බවත් ඇමැති ගම්මන්පිල මහතා පැවසුවා.

Rate this item
(1 Vote)
Last modified on Monday, 29 November 2021 11:26