April 25, 2024

සජිත් හදිසියේම පාට මාරු කරයි - පක්ෂ ලියාපදිංචියත් වෙනස් කරයි

November 30, 2021

කාන්තාවගේ සුරක්ෂිතභාවය සහ සුභසිද්ධිය උදෙසා තමන් ජනාධිපතිවරණ සමයේ දී ඉදිරිපත් කරනු ලැබූ කාන්තා ප්‍රඥප්තිය අද වන විට එදාට වඩා වැදගත්කමක් ගන්නා බවත් එහි සඳහන්ව ඇති සියලු කරුණු කාරණා ඉදිරියේදී සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ ඒකාන්තවම ඉෂ්ට සිද්ධ කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

කාන්තා හිංසනයට එරෙහිව "තැඹිලිපැහැයෙන් ලොව බබලමු" මැයෙන් සමගි වනිතා බලවේගය විසින් සංවිධානය කරතිබූ වැඩසටහන පසුගියදා සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි.

ලොව ජීවත්වන කිසිවෙකුට මවකගේ රැකවරණය තරම් වෙනත් රැකවරණයක් නැති බව පැවසූ විපක්ෂ නායකවරයා එවන් කාන්තාවන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කිරීම කාගේත් වගකීමක් බවද පැවසුවා.

තැඹිලි වර්ණයෙන් සංකේතවත්වන්නේ කාන්තා ප්‍රචණ්ඩත්වය බැහැර කිරීම සහ පරාජය කිරීම බවත් තම පක්ෂය ලියාපදිංචියට දී ඇති ලා කොල පාටත් කහ පාටත් යන වර්ණ දෙකට අමතරව තැඹිලි වර්ණයත් එක් කළ යුතු බවට තමා කෘත්‍යාධිකාරී මණ්ඩලයට යෝජනා කරන බවත් විපක්ෂ නායකවරයා පැවසුවා.

Rate this item
(2 votes)
Last modified on Tuesday, 30 November 2021 00:36