April 24, 2024

අද තවත් නිවසක ගෑස් පිපිරීමක්!

November 28, 2021

ගෘහස්ත ගෑස් සිලින්ඩර් සහ ලිප් ආශ්‍රිත අනතුරු පිළිබඳව පසුගිය දින කිහිපය පුරා වාර්තා වීමත් සමග ගෑස් භාවිතය පිළිබඳව මෙරට තුළ ආන්දෝලනාත්මක කතාබහක් හටගෙන තිබෙනවා.

එවන් පසුබිමක අද (28) දින තවත් ගෑස් පිපිරීමක් සිදුව ඇති බව වාර්තා වනවා.

මෙම සිදුවීම වාර්තා වන්නේ කෑගල්ල, කහටපිටිය ප්‍රදේශයෙන්.

එම ප්‍රදේශයේ නිවසක මුළුතැන්ගෙයි වූ ගෑස් ලිපක් මෙලෙස පුපුරා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අද උදෑසන අදාළ නිවසෙහි හිමිකරු ගෑස් ලිප දල්වා ඇත්තේ තේ පානය සඳහා අවශ්‍ය ජලය උණු කිරීමට සඳහා යි.

ලිප දල්වා ජලය රත් වීමට ඉඩ හැර තමා නාන කාමරයට ගිය බව නිවෙස් හිමියා පවසනවා.

ඔහු වැඩිදුරටත් පවසන්නේ මඳ වේලාවකට පෙර විශාල පිපිරුම් හඬක් ඇසුණු බව යි.

තමන් යළි මුළුතැන්ගෙය වෙත පැමිණි පසු ගෑස් ලිප පුපුරා ගොස් ඇති ආකාරය දුටු බවත්, එහි කැබලි මුළුතැන්ගෙය පුරා විසිරී තිබූ බවත් ඔහු පවසනවා.

කෙසේ වෙතත් මෙම පිපිරීමෙන් ගෑස් සිලින්ඩරයට හානි සිදු වී නොමැති බව යි වැඩිදුරටත් වාර්තා වන්නේ.

කියවන්න:

Rate this item
(6 votes)
Last modified on Monday, 29 November 2021 08:12