March 19, 2024

උපන් ගමන් වළ දැමු බිළිදාට කළ පාපතර වැඩේට පෙම්වතා අල්ලයි (PHOTOS)

November 28, 2021

යාපනය චාවකච්චේරි පොලිස් වසමේ මඩ්ඩුවිල් ප්‍රදේශයේ තරුණියක් විසින් බිහි කරන ලද බිළිඳයක් බිහිකල අවස්තාවේදීම වලදැමීම සමබන්ධයෙන් පරික්ෂණ සිදු කල පොලීසිය විසින් එක් අයෙකු ඊයේ (27) දින අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අදාල තරුණියගේ පෙම්වතා බව සැක කෙරෙන පුද්ගලයා වන අතර ඔහු යාපනය අච්චුවේලි දකුණ ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි අයෙක් බවටද පොලිසිය පවසනවා.

යාපනය මට්ටුවිල් උතුර ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණිය ඇයගේ පෙම් සබඳතාවයක් හේතුවෙන් දරුවෙකු ප්‍රසූත කිරීමට ආසන්නව සිට ඇති අතර පසුගිය 23 වනදා අලුයම 4.00ට පමණ තරුණියගේ මවගේ සහයෙන් බිළිඳියක් බිහිකොට පණපිටින්ම පොහොර උරයකට දමා ගෙවත්තේ පිහිටි වලකට දමා පස් දමා වසා තිබයදී ප්‍රදේශයේ ග්‍රාමසේවා නිලධාරිණියක් විසින් සොයාගනු ලැබුවා.

උදෑසන 9.20 ට පමණ බිළිඳය ගොඩට ගන්නා අවස්ථාවේදීද ප්‍රාණය ඇති බවට ග්‍රාමසේවා නිලධාරිණිය දැන ගත් විගසම පොලීසියට දැනුම් දී බිළිඳිය චාවකච්චේරි රෝහලට ඇතුලත් කොට වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව අදාල තරුණියද රෝහලට ඇතුලත් කරනු ලැබුවා.

අදාල සිදුවීම සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකළ චාවකච්චේරි පොලීසිය තරුණිය සහ තරුණියගේ මව අත්අඩංගුවට ගැනීම සඳහා නීතිමය පියවර ගෙන ඇති අතරම බිළිඳිය මේ වන විට යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවටද ඇය යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවටද පරික්ෂණ සිදුකරන චාවකච්චේරි පොලීසිය වැඩිදුරටත් පැවසුවා.

Rate this item
(0 votes)