March 19, 2024

යාපනයේ වෙරළට මළ සිරුරු ගොඩ ගහලා - තවම අභිරහසක් (PHOTOS)

November 28, 2021

යාපනය වැල්වැටිතුරෙයි පොලිස් වසමේ මනල්කාඩු ප්‍රදේශයේ පිහිටි මුහුදු වෙරලට ඊයේ (27) දහවල් මළසිරුරු දෙකක් ගොඩ ගසා තිබියදී සොයාගත් බවට පොලීසිය පවසනවා.

වැල්වැටිතුරේ ප්‍රදේශයේ ධීවරයින් පිරිසක් විසින් වෙරළට ගොඩගසා තිබූ මළසිරුරක් හමු වී ඒ පිළිබඳව පොලීසියට දැනුම් දීමෙන් පසු පොලීසිය අදාල ප්‍රදේශයට ගොස් පරික්ෂා කර පැයකට පමණ පසුව තවත් මළ සිරුක් එම ප්‍රදේශයේම වෙනත් ස්ථානයකට ගොඩ ගසා තිබී පොලිසිය විසින් සොයාගනු ලැබුවා.

කෙසේ වෙතත් සොයාගත් මළ සිරුරු දෙකම හඳුනා ගැනීමට නොහැකි තත්වයක පවතින අතරම මියගොස් ඇත්තේ අවුරුදු 40 ත් 45 ත් අතර වයස්හි පසුවන අය බවටද හඳුනාගෙන තිබෙනවා.

එමෙන්ම උතුරු පලාතේ මෙතෙක් අතුරුදහන් වූ ධීවරයින් පිළිබඳව තොරතුරුක් නොමැති හෙයින් ඉන්දීය ධීවරයින්ගේ සිරුරු දැයි යන්න සෙවීම සඳහා නාවික හමුදාව හරහා ඉන්දීය වෙරලාරක්ෂක නිලධාරීන්ටද දැනුවත් කිරීමට පියවර ගන්නා බවටද වැල්වැටිතුරෙයි පොලීසිය වැඩිදුරටත් පැවසුවා.

Rate this item
(0 votes)