March 19, 2024

හිරගෙදරින් පැන ගිය අයෙක් මාස තුනකට පසු අල්ලයි - ඇල්ලූ හිරකරු පොලිසියට කරපු දේ

November 28, 2021

මුදල් සොරකමක් සම්බන්ධයෙන් වසර හතකට බන්ධනාගාර ගත කර සිට අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ සිටියදී මාස තුනකට පෙර බන්ධනාගාරයෙන් පලා ගොස් තිබෙනවා.

එම සැකකරු අද මීගොඩ ප්‍රදේශයේ දී අත්ඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය පවසනවා.

සැකකරු පලා යාමට උත්සහ කිරීමේදී පොලිස් නිළධාරීන් කිහිපදෙනෙකුට ද සුළු තුවාල සිදුවූ බවද පොලිසිය පවසනවා.

මත්කුඩු වලට තදින් ඇබ්බැහි වී සිටි අයෙකු බවද ප්‍රදේශයේ සිදු වූ තවත් සොරකම් කිහිපයකටම මෙම සැකකරු සම්බන්ධ බව⁣ට කරැණු තහවුරු වී ඇති බවත් සැකකරු හෙට දින හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Rate this item
(0 votes)