March 19, 2024

තවත් නාදුනන මළ සිරුරක්! පොලීසිය උදව් ඉල්ලයි! (PHOTOS)

November 28, 2021

(මෙම පුවත තුළ සංවේදී ඡායාරූප අන්තර්ගත බව කරුණාවෙන් සළකන්න)

මොනරාගල, කුඹුක්කන ප්‍රදේශයෙන් නාඳුනන මළ සිරුරක් හමුව තිබෙනවා.

ඒ කුඹුක්කන් ඔයේ පාවෙමින් තිබිය දී යි.

පොලීසියට ලද තොරතුරකට අනුව මෙම මළ සිරුර අද (28) උදෑසන හමු වූ බව පොලීසිය සඳහන් කළා.

කෙසේ වෙතත් මෙලෙස මිය ගොස් ඇති පුද්ගලයාගේ අනන්‍යතාව තහවුරු කරගැනීමට හැකි වී නැහැ.

එබැවින් මොහු කවුරුන්දැයි හඳුනා ගැනීමට මොනරාගල පොලීසිය මහජන සහය පතනවා.

මෙම පුද්ගලයා පිළිබඳ තොරතුරක් දන්නේ නම් ඒ පිළිබඳව දුරකථන අංක 0552276222 සහ 0552276223 අමතා දැනුම් දෙන ලෙස මොනරාගල පොලීසිය ඉල්ලා සිටිනවා.

Rate this item
(0 votes)
Last modified on Sunday, 28 November 2021 16:12