April 25, 2024

මහ පාරට ගල් කන්දක් කඩා වැටෙයි (PHOTOS)

November 28, 2021

නුවරඑලිය වලපනේ ප්‍රදේශයට පසුගිය දින කිහිපය තුල ඇද හැලුණු අධික වර්ෂාවක් සමග නිල්දණ්ඩාහේන වලපනේ ප්‍රධාන මාර්ගයේ පුස්සලපිටිය ප්‍රදේශයේදි ප්‍රධාන මාර්ගයට ගල් කිහිපයක් අද (28) දින පෙරලිමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු වලට බාධා පැමිණ ඇති බව නුවරඑලිය ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසුවා.

අද (28) දින උදැසන 11.00 ට පමණ එම මාර්ගයට ගල් කිහිපයක් කඩා වැටිම නිසා මධ්‍යම පලාත් මාර්ග සංවර්ධන අධිකාරියේ රාගල කාර්යාලයේ නිලධාරින් සහ වලපනේ පොලිසියේ නිලධාරින් එක්ව ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු ගල් වලින් කොටසක් ඉවත් කර එම මාර්ගයේ රථ වාහන ගමනා ගමනය පැය තුනකට පසු එක් මංතිරුවකට පමණක් සිමා කල බවයි සහකාර අධ්‍යක්ෂකවරයා කියා සිටියේ.

ගල් කඩා වැටුණු ස්ථානය ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරින් ස්ථාන පරික්ෂාවෙන් අනතුරුව ලබාදෙන නිර්දේශ අනුව එම මාර්ගයට කඩා වැටි ඇති සෙසු ගල් ද ඉවත් කිරිමට පියවර ගන්නා බවයි රංජිත් අලහකොන් මහතා කියා සිටියේ.

Rate this item
(0 votes)