March 29, 2024

ගැටුම උග්‍ර අතට: ශ්‍රීලනිපය වෙනම ගමනකට කඩිමුඩියේ වැඩ

November 28, 2021

එළැඹෙන මැතිවරණයකදී වෙනම තරග කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන වන විට සූදානම් වනවා.

ඉතා නුදුරේම පැවැත්වෙතැයි විශ්වාස කෙරෙන පළාත් සභා මැතිවරණයේදී තනිව තරග කිරීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කිරීම ඉකුත් සතියේදී ආරම්භ වුණා.

ආසන සංවිධායකවරුන්

ඒ අනුව පුරප්පාඩුව තිබෙන ආසන සඳහා අලුතින් ආසන සංවිධායකවරුන් පත් කිරීම සඳහා සුදුස්සන් තෝරාගැනීමේ සම්මුඛ පරීක්ෂණ ඉකුත් සතිය පුරාම පක්ෂ මූලස්ථානයේ ක්‍රියාත්මක වුණා.

එම සම්මුඛ පරීක්ෂණ පැවැත් වුණේ පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර , ජාතික සංවිධායක දුමින්ද දිසානායක , එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර , ශාන් විජේලාල් ද සිල්වා හා මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන්.

ශ්‍රීලනිපය මේ වැඩපිළිවෙළ දියත් කළේ ශ්‍රීලනිපය හා පොදුජන පෙරමුණ අතර තිබෙන මත ගැටුම උග්‍ර අතට හැරී තිබෙන මොහොතකයි.

මත ගැටුම උග්‍ර අතට

ඉකුත් සතියේ පාර්ලිමේන්තුවේදී හිටපු ජනපති , පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන හා පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර යන මහත්වරුන් මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිවරයා ප්‍රමුඛ පොදුජන පෙරමුණ නියෝජිතයන් සමග ප්‍රසිද්ධියේම වාද විවාද වල පැටලුනා.

ඒ එදිනට නියමිතව තිබූ අය - වැය විවාදයට නියමිතව විෂය පථයෙන්ද බැහැරව යමින්.

ඒ අතරතුර හිටපු ජනපතිවරයාගේම සභාපතිත්වයෙන් යුත් බුලත් කොලය ලකුණ හිමි එ.ජ.නි.ස යළි සක්‍රිය කිරීමේ වගකීම එහි මහ ලේකම් මහින්ද අමරවීර මහතාට පක්ෂ මධ්‍යම කාරක සභාව මේ වන විටත් පවරා තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Sunday, 28 November 2021 11:55

Related items