April 25, 2024

(EXCLUSIVE) මාධ්‍ය අධ්‍යක්ෂ යැයි කී පුද්ගලයා ගැන ශ්‍රීලනිපය දන්නෙත් නෑ

November 27, 2021

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව මාධ්‍ය අධ්‍යක්ෂවරයෙකු පත් කර නොමැති බව ශ්‍රීලනිප මහ ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට පැවසුවා.

එවැනි පුද්ගලයෙකු තමන් නොදන්නා බවත් එය පක්ෂය විසින් ගත් තීරණයක් නොවන බවත් පක්ෂ මහ ලේකම්වරයා සඳහන් කළා.

පසුගිය 25 වනදා දේශබන්දු දේශකිර්තී ලංකාපුත්‍ර එම් එල් මධුශංක සිල්වා නැමැත්තා සිය ෆේස්බුක් ගිණුමේ සිය අත්සන සහිතව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂවරයා වශයෙන් ප්‍රකාශයක් නිකුත් කර තිබුණා.

අප එම ප්‍රවෘත්තිය පළ කරනු ලැබුවේ ඔහු විසින් ෆේස්බුක් පිටුවේ පළ කර තිබූ සටහන් උපුටා දක්වමින්. පසුව ඔහු විසින් එම ෆේස්බුක් සටහන (Facebook Post) ඉවත් කර ගෙන තිබුණා.

ශ්‍රීලනිප නායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූ ඡායාරූපද ඔහුගේ ෆේස්බුක් ගිණුමේ පළ කර තිබූ අතර ඔහු ඊට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙසද කටයුතු කර තිබූ බවද එහි දැක්විණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායකවරයෙකු ලෙසත්, කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ඊලඟ පළාත් සභාවට තරග කරන බවත් ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සඳහන් කර තිබුණා.

ඒ අනුව ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු බවට ඔහු විසින් සඳහන් කර තිබිණි. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය අධ්‍යක්ෂ ලෙසත්, නිදහස් මග අධ්‍යක්ෂ වරයා ලෙසත් නිල වශයෙන් ශ්‍රීලනිපයේ පක්ෂ ලාංඡනය භාවිතා කරමින් සිය අත්සන සහිතව සටහනක් එක් කර තිබුණා.

පසුව මේ පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල ෆේස්බුක් පිටුවේද සඳහන් කර තිබුණේ එවැනි මාධ්‍ය අධ්‍යක්ෂවරයෙකු ලෙස කිසිවෙකු පත් කර නොමැති බවයි. 

අප මේ පිළිබඳ ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන් කිහිප දෙනෙකුගෙන්ම විමසීමක් සිදු කළ අතර ඔවුන්ද ප්‍රකාශ කළේ එවැනි පත් කිරීමක් පිළිබඳ තමන් නොදන්නා බවයි.

එවැනි පුද්ගලයෙකුට පක්ෂය දැනුවත්ව ආසන සංවිධායක හෝ පළාත් සභා අපේක්ෂකත්වය හෝ ලබා දී නොමැති බවත් කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන ශ්‍රීලනිප ආසන සංවිධායකවරයෙකු අප සමඟ සඳහන් කළා.

එසේ නම් එම් එල් මධුශංක සිල්වා නැමැත්තා කවුරුන්ද යන්නත්, ඔහුට ශ්‍රීලනිපයේ ඇති වගකීම් තනතුරු කුමක්ද යන්නත් ප්‍රශ්නාර්ථයකි. අප වාර්තා කර තිබුණේ ඔහු විසින් නිල නාමය, අත්සන සහිතව පළ කළ ප්‍රකාශයක් පමණි. (පසුව ඔහු විසින් එම ්‍ප්‍රකාශය ඉවත් කර තිබුණි.)

පහතින් දැක්වෙන්නේ එම් එල් මධුශංක සිල්වා නැමැත්තා සිය ෆේස්බුක් ගිණුමේ සිය අත්සන සහිතව පළකළ ප්‍රකාශය,

ඉන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල ෆේස්බුක් පිටුවේ තැබූ සටහන

එම් එල් මධුශංක සිල්වා නැමැත්තා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් සභා මැතිවරණයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන බවට පළ කළ සටහන

Rate this item
(0 votes)
Last modified on Monday, 29 November 2021 08:22