April 20, 2024

සිලින්ඩර පුපුරන ප්‍රශ්නය වෙනම දවසක ගන්න: කතානායක - එතකොට විනාශය සිදුවී හමාරයි - සජිත් පිල

November 27, 2021

මාරාන්තික ගෑස් සිලින්ඩර පිපිරීම පිළිබඳව සමගි ජන බලවේගය අද (27) පාර්ලිමේන්තුව ආරම්භයේදීම ආණ්ඩු පක්ෂයෙන් ප්‍රශ්න කලා.

කිංස් නෙල්සන් , චමින්ද විජේසිරි , විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරුන් මෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද ඒ ගැන ප්‍රශ්න කළා.

කතානායක යෝජනාව

එහිදී කතානායකවරයා සඳහන් කළේ මේ ප්‍රශ්නය වෙනම ප්‍රශ්නයක් ලෙස වෙනම දිනයක ගන්නා ලෙසටයි.

එහෙත් එය සමගි ජන බලවේගය එය ප්‍රතික්ෂේප කළ අතර දිගින් දිගටම මෙම ප්‍රශ්නය මතු කරන්න පටන් ගත්තේ වෙනම දිනයක මේ ප්‍රශ්නය කතා කරන්න තබා ගතහොත් ඒ වන විට තවත් විනාශයන් රැසක් සිදුව තිබෙන බව සඳහන් කරමින්.

ඒ නිසා මෙය හදිසි ප්‍රශ්නයක් සේ සලකා වහා පිළියම් යෙදීමට කටයුතු කළ යුතු බවයි සමගි ජන බලවේගය පෙන්වා දුන්නේ.

ආණ්ඩුවෙන් ප්‍රතිචාර

ආණ්ඩුව පාර්ශ්වයෙන් සභා නායක දිනේෂ් ගුණවර්ධන හා බන්දුල ගුණවර්ධන වෙළෙඳ ඇමතිවරයා තමන්ට හැකි පමණින් එම ප්‍රශ්නයට පිළිතුරු දුන්නා.

විෂය භාර රාජ්‍ය අමාත්‍යවරයා වන ලසන්ත අලගියවන්න මහතා මේ සම්බන්ධයෙන් ඉතා පැහැදිලි පිළිතුරක් ලබා ලබාදෙනු ඇති බව එහිදී බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා සඳහන් කළා.

Rate this item
(0 votes)
Last modified on Saturday, 27 November 2021 11:02

Related items