April 20, 2024

"ලෙව්කේ මැතිදු අද තනියම යම යුද්දේ": මට ඔබට කියන්න තියෙන්නෙත් එච්චරයි - ඇමතිට මන්ත්‍රීවරිය දුන් සහතිකය

November 26, 2021

ඔබව ආරක්ෂා කිරීමට කිසිවෙකු නැති බව මතක තබා ගන්නා ලෙස රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයාට මතක් කර දුන්නා.

ඒ පාර්ලිමේන්තුවේ පැවති කෘෂිකර්ම අමාත්‍යාංශ කාරක සභා වැය ශීර්ෂ විවාදයේදී.

දෙපැත්තෙන්ම චෝදනා

සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරිය පෙන්වා දුන්නේ අලූත්ගමගේ අමාත්‍යවරයාට විපක්ෂයෙන් පමණක් නොව ආණ්ඩුවෙන්ද විවේචන එල්ල වන බවයි.

ඊයේ (25) ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අලුත්ගමගේ මහතා ජනපතිවරයා , පාර්ලිමේන්තුව , ගොවියා , පාරිභෝගිකයා රැවැට්ටුව බව සඳහන් කළ බව අවධාරණය කළ මන්ත්‍රීවරිය අමාත්‍යවරයා රැවටූ තවත් පිරිසක් ගැන තොරතුරු හෙළිදරව් කළා.

කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්වරයා , අධ්‍යක්ෂ ජනරාල්වරු හා ගජ මිතුරු කණ්ඩායම් සේරම එකතු වී ඔබව රවට්ටා ඇති බව බොහොම කණගාටුවෙන් කිව යුතු බවයි අමාත්‍යවරයා අමතා මන්ත්‍රීවරිය අවධාරණය කළේ.

රන්දෙණිවෙල සටන

එසේ කියූ මන්ත්‍රීවරිය "රන්දෙණිවෙල සටන"උපුටා ගැනීමක්ද කරමින් "ලෙව්කේ මැතිදු තනියම අද යම යුද්දේ" යන වදන් පෙළද අමාත්‍යවරයා අමතා සඳහන් කළේ "මට කියන්න තියෙන්නේ එච්චරයි ඇමතිතුමා" යයි කියමින්.

"ඔබව රකින්න අද කවුරුත් නැහැ ඔබව රැකගත්ත මිනිස්සුත් අද ඔබ වරක් රකින්න ඉදිරිපත් වන්නේ නැහැ" යයිද මන්ත්‍රීවරිය සදහන් කළා.

"ලෙව්කේ මැතිදු අද තනියම යම යුද්දේ" : මට ඔබට කියන්න තියෙන්නෙත් එච්චරයි - මහින්දානන්දට මන්ත්‍රීවරිය දුන් සහතිකය

Rate this item
(0 votes)
Last modified on Friday, 26 November 2021 16:36