April 20, 2024

ලංවිම ඉංජිනේරු වර්ජනය දුරදිග යන ලකුණු

November 26, 2021

අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භක පියවරක් පමණක් බවත්, තවත් පියවර 2ක් සිය සංගමය සතුව පවතින බවත්, ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසනවා.

යුගදනවි බලාගාරයේ රජය සතු කොටස් ඇමෙරිකානු සමාගමකට පවරා දීමේ ගිවිසුමට එරෙහිව සහ විදුලිබල කේෂත්‍රයේ පවතින ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ඊයේ දහවල් 12 සිට අකුරට වැඩි කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා.

මේ අතර, වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති ආරම්භ කළ පැය 48 සංකේත වර්ජනය අද උදෑසන 7ට අවසන් වීමට නියමිතයි.

එමෙන්ම ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරුන් ආරම්භ කර තිබෙන අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පදනම් විරහිත වෘත්තීය භාවයකින් තොර ක්‍රියා මාර්ගයකැයි ‘‘ලංවීම ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සංගමය“ සඳහන් කරනවා.

ලංකා විදුලි බල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සංගමයේ සාමාජික සාමාජිකයින් එම වෘත්තීය සමිති ක්‍රියමාර්ගය ප්‍රතිකෂේපක කරන බව ද ලංවීම ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නන්දික පතිරගේ මහතා පවසනවා.

විදුලි බිඳවැටීමක් හෝ පාරිභෝගිකයන් අපසුතාවයට පත්වීමක් හෝ සිදු නොවන බව ද ජනතාව බියක් සැකයක් ඇතිකර ගත යුතු නැතැයි ද පතිරගේ මහතා වැඩිදුරටත් සඳහන් කළා. 

Rate this item
(0 votes)
Last modified on Friday, 26 November 2021 09:56