March 28, 2024

ඇමැති මහින්දානන්ද කිව්වේ බොරුවක්ද? මෛත්‍රිගේ ගෙවල් 3 ගැන රාජ්‍ය පරිපාලන ලේකම් යැවූ ලිපිය මෙන්න

November 26, 2021

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිය විශ්‍රාම ජීවිතය ගත කිරීම සදහා ලබා ගත් නිවාස තුනේ තොරතුරු ලබා දෙන ලෙස ඉල්ලමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා රාජ්‍ය සේවා හා පළාත් පාලන අමාත්‍යංශය වෙත ලිපියක් යොමු කොට තිබෙනවා.

එහිදී අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරයා විසින් යවන ලද ලිපියට පිළිතුරු ලබා දෙමින් අදාළ නිවාස 3 පිළිබදව සවිස්තර තොරතුරු ලබා දීමටද පළාත් පාලන අමාත්‍යංශය පියවර ගෙන තිබුණා.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා හිටපු ජනාධිපතිවරයාට චෝදනා කරමින් සඳහන් කර සිටියේ හිටපු ජනාධිපතිවරයා නිල නිවාස තුනක් එකට එකතු කර නිල නිවාසයක් ජනාධිපතිවරයාව සිටි සමයේදී ඔහු විසින් සාදා ගත් බවත් එවැනි නිවසක් වර්තමාන ජනාධිපතිවරයා සාදා නොගත් බවත්ය.

අදාල ප්‍රකාශයට හිටපු ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව තුළදී පිළිතුරු ලබාදෙමින් සඳහන් කර සිටියේ තමා නිවාස තුනක් එකට එකතු කරමින් නිවසක් නිර්මාණය කරගත්තා නම් ඔප්පු කරන ලෙසත් එසේ වුවොත් මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වන බවත්ය.

ඊට අදාළව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අමාත්‍යවරයාගේ දැන ගැනීම පිණිස එවන ලද ලිපියේ සඳහන් වන්නේ බී 61,බී62 ද්විත්වයක් වන අතර එම නිවාස එකින් එකට එකතු කොට නිල නිවස ඉදි කොට ගත්තේ හිටපු ජනාධිපති ඩී.බී විජේතුංග මහතා වන අතර එතුමාගේ පරිහරණය පසු කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා විසින් මෙම නිවස පරිහරණය කර තිබෙන බවයි.

පසුව 2015 දී හිටපු ජනාධිපතිවරයාට ජනාධිපතිවරයා ලෙස සුබ නිවාසය හිමි වූ අතර එම නිවාස එක් කිරීම සිදුකර ඇත්තේ විජේතුංග ජනාධිපතිවරයාගේ කාලයේදී බවත් ඔහු විසින් සඳහන් කර තිබෙන බී 14යන නිවස මෙම නිවසට යාබදව තිබෙන හිටපු මුදල් අමාත්‍යවරයෙකු වූ සරත් අමුණුගම මහතා විසින් භාවිතා කරන ලද්දකි. පසුව ජනාධිපති කාර්යාලයේ ඉල්ලීම මත එවකට ජනාධිපති ආරක්ෂක අංශය වෙත පවරා තිබෙනවා.

මේ අනුව මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා විසින් මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට ඉදිරිපත් කරන ලද නිවාස තුනක් එක් කර නිවසක් ඉදිකළ යැයි කියන චෝදනාව සාක්ෂි සහිතව සාවද්‍ය ප්‍රකාශයක් බව ඔප්පු වී තිබෙනවා.

එම තොරතුරු ඇතුළත් ලිපිය පහතින්,

Rate this item
(0 votes)