April 19, 2024

කින්නියා පාලම ගැන ජනපතිගෙන් නියෝගයක්

November 26, 2021

කින්නියාහි මාරක අනතුර සිදු වූ කුරින්ගන්කර්නි කලපුව හරහා ඉදිකරන පාලමේ වැඩ මාස නවයක් තුළ කළ යුතු බවට ජනපතිවරයා නියෝගයක් ලබාදී තිබෙනවා.

ජනපතිගේ එම නියෝගයට අනුව මෙම පාලමේ වැඩ කටයුතු එළඹෙන වර්ෂයේ අගෝස්තු මස වන විට අවසන් විය යුතුයි.

මහා මාර්ග ලේකම්

ඒ බැව් මහා මාර්ග මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර් ප්‍රේමසිරි මහතා තහවුරු කරනවා.

ඔහු ඒ බැව් තහවුරු කළේ ජනාධිපති මාධ්‍ය ඒකකයේ මාධ්‍ය හමුව තබමින්.

මෙම අනතුරෙන් පාසැල් දරුවන් ඇතුළු 6 දෙනෙකු මිය ගිය අතර තවත් 20 දෙනෙකු රෝහල් ගත කරනු ලැබුවා.

එම පිරිස අනතුරට ලක් වූයේ කලපුව හරහා ගමන් කරමින් සිටි බෝට්ටුව පෙරලීම නිසා.

කින්නියා නගර සභාව

අදාල පාලම සාදා නිම වන තුරු කින්නියා නගර සභා විසින් මෙම බෝට්ටු සේවාව දියත් කර තිබුණා.

පසුගිය ආණ්ඩුව මෙන්ම වත්මන් ආණ්ඩුවද එම පාලම ඉදිකිරීම සඳහා මුල්ගල් තබා තිබුණද එහි වැඩ කටයුතු ආරම්භ වී තිබුණේ නැහැ.

මෙවර ආණ්ඩුව වෙනුවෙන් ඊට මුල්ගල් තැබූවේ රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා.

මේ වන විට මෙම සිද්ධිය සම්බන්ධයෙන් 4 දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර කින්නියා මහ නගර සභාවේ නගරාධිපතිවරයාද ඒ අතර වනවා.

Rate this item
(0 votes)
Last modified on Friday, 26 November 2021 00:30

Related items