March 28, 2024

මහින්දානන්ද නන්නත්තාර කරමින් හිටපු ජනපතිගෙන් විශිෂ්ට කතාවක් (VIDEO)

November 25, 2021

අද (25) පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ වැඩ කටයුතු පසෙකට තල්ලු වූයේ හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන , ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර යන මහත්තුරුන් මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා සමග ඇතිවූ අදහස් හුවමාරු කර ගැනීම් නිසා.

උදෑසන 9:30 ට ආරම්භ වූ පාර්ලිමේන්තුවේ දහවල් 12 පසු වන තුරුත් මේ වචන හුවමාරු වීම් සිදු වූවා.

ඇමතිගේ ප්‍රතිචාරය

දයාසිරි ජයසේකර මහතා විසින් තමන්ට එල්ල කළ චෝදනාවන්ට පිළිතුරු දෙමින් අලූත්ගමගේ අමාත්‍යවරයා උද්වේගකර හා අභියෝගාත්මක කතාවක් කළා.

ඊට පිළිතුරු දීමට මෛත්‍රිපාල සිරිසේන මහතා නැගී සිටි අතර විනාඩි 10 ක පමණ කාලය තුළ ඔහු කළ කතාව විශිෂ්ඨ දේශපාලන කතාවක් වූවා.

ඊට සිරිසේන මහතාගේ දේශපාලන අත්දැකීම් මනාව කැටි වී තිබුණා.

අලූත්ගමගේ අමාත්‍යවරයා ගහ ගැනීමට කළ යෝජනාවට පිළිතුරු ලෙස සිරිසේන මහතා සඳහන් කළේ තමන් ගහ ගැනිල්ලට කැමති නැති කෙනෙක් වුවත් ගහනවා නම් ගහන විදිහත් හොඳට දන්නා බවයි.

සන්ධාන ආණ්ඩු

මෙරට දේශපාලන ඉතිහාසයේ සන්ධානගත ආණ්ඩු හා ඒ ආණ්ඩු තුළම ඇති වූ අර්බුද මත පුපුරා ගිය අයුරුද සභාවට උදාහරණ සහිතව මතක් කර දුන් හිටපු ජනපතිවරයා දැන් තිබෙන්නේ තෙවැනි සන්ධාන ආණ්ඩුවක් බවත් ආණ්ඩුවේ තුනෙන් දෙක තියෙන්නේ තමන් නායකත්වය දරන ශ්‍රී.ල.නි.පයේ 14 ත් සමග බවද ආණ්ඩුවට මතක් කර දුන්නා.

මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා දුමින්ද දිසානායක මහතාට ඊයේ (24) කියූ කතාවක්ද සිරිසේන මහතා සභාවට දැනුම් දුන්නේ සභාවේ සිනාහඬ මැද.

මේ වාහන කතාවක් කියලා ගහන්නෙ ඇයි දැයි දිසානායක මහතා අලුත්ගමගේ මහතාගෙන් විමසා ඇති අතර ඊට පිළිතුරු දෙමින් අලුත්ගමගේ මහතා සඳහන් කර තිබෙන්නේ "දුමි අපේ ලොක්කා (ජනාධිපති) නග්ගන්නත් මොනවා හරි කරන්න එපා යයි" ලෙස තමාට කිව්ව බව දිසානායක මහතා තමන් හමුවේ සඳහන් කළ බව සිරිසේන මහතා ප්‍රකාශ කළා.

ලොක්කගේ කතාව

එසේ කියූ සිරිසේන මහතා "ලොක්කා නග්ගගත්තට කමක් නැහැ.ඒකට අපි පළි නැහැ.අපි ඉන්නෙත් ඔය කියන ලොක්කා යටතේ" යයිද සදහන් කළා.

ඕනෑම දෙයක් පිළිබඳව තමා ගාව බඩු තිබෙනවා යැයි අලූත්ගමගේ අමාත්‍යවරයා ප්‍රකාශ කරන අයුරු තමා කීප විටක්ම නිරීක්ෂණය කළ බවද සදහන් කල සිරිසේන මහතා ඔය සෙල්ලම් අපි දන්නා බව පෙන්වා දුන්නා.

බඩු තියෙනවා නම් එලියට දාන්නේ නැතුව තබාගෙන ඉන්නේ මන්දැයි යන්නත් සිරිසේන මහතා අලුත්ගමගේ මහතාගෙන් ප්‍රශ්න කළා.

තමා හිටපු ජනපතිවරයෙක් බවත් දයාසිරි ජයසේකර මහතා හිටපු මහ ඇමැතිවරයෙක් , ඇමතිවරයෙක් බවත් අලුත්ගමගේ මහතා ඇමතිවරයෙක් බවත් මතක් කර දුන් සිරිසේන මහතා එක එක්කෙනාගෙ මට්ටම් අනුව කටයුතු කිරීම වඩාත් සුදුසු බව පෙන්වා දුන්නා.

සිරිසේන මහතාගේ මෙම අදහස් දැක්වීම ඒ අසලම සිටී අලුත්ගමගේ මහතාද අසාගෙන සිටියා.

එම වීඩියෝව පහතින්,

Rate this item
(1 Vote)
Last modified on Thursday, 25 November 2021 13:13