April 25, 2024

විදුලි ඉංජිනේරුවන් අද සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක

November 25, 2021

විදුලි ඉංජිනේරුවන් අද (25) අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව විදුලි ඉන්ජිනේරු සංගමයේ සභාපති ඉන්ජිනේරු සෞම්‍ය කුමාරවඩු මහතා පවසනවා.

මෙම වෘත්තීය න්‍රියාමාර්ග නිසා ජනතාවට යම් යම් අපහසුතාවන්‌ට පත්වීමට ඉඩ ඇති බවද ඔහු ප්‍රකාශ කළා.

කෙරවලපිටිය බලාගාරයේ භාන්ඩාගාරය සතු කොටස් සියයට 40ක ප්‍රමානයක් ඇමරිකාවට විකිනීමට එරෙහිව මෙම විරෝධතා ව්‍යාපාර පවත්වන බවද ඔහු සඳහන් කළා.

මේ සඳහා ඛනිජ තෙල් සහ වරාය සේවකයින් ද සහයෝගය ලබාදෙන බව රංජන් ජයලාල් මහතා සඳහන් කළා.

"පසුගිය 3 වනදා ආයතන 3ක් තෙල්, වරාය, විදුලි, විරෝධාතා ව්‍යාපාරයක් කරලා ආණ්ඩුවට ඇනතුරු ඇඟවීමක් කළා. ආණ්ඩුවට මේ සම්බන්ධයෙන් වගේ වගක් නැහැ. ඉතින් අපි තීන්දුවක් ගත්තා. එළඹෙන දෙසැම්බර් 8 වනදා ලංකා විදුලබල මණ්ඩායේ සමස්ත සේවකයෝ පැය 24ක් ලෙඩවෙනවා. එක පැත්තකින් වරාය සේවකයා රොද බැඳගෙන කොටුව දුම්රියපොළ ඉදිරියට දහවල් 12ට එනවා. ලංකා විදුලිබල මණ්ඩලය එදාට ලෙඩ නිවාඩු වාර්තාකරලා දෙසැම්බර් 08 වනදා කොටුව දුම්රියපොළ ඉදිරියට එනවා. ඒ වාගේම තෙල් සංස්ථාවේ සේවකයෝ කොටුව දුම්රියපොළ ළඟට එනවා. දැවැන්ත උද්ඝෝෂණයක්. සේවකයින්ගේ විරෝධය, සේවකයින්ගේ වෛරය, සේවකයින්ගේ අප්‍රසාදය පළකරන සේවකයින්ගේ පෙත්සම අරගෙන අපි එනවා ජනාධිපති හමුවෙන්න. අපි මේක භාරදීලා කියනවා වරාය, විදුලිබලය, තෙල් රටේ ජනතාවගේ හෘද සාක්ෂිය විකුණන්න එපා කියලා අපි ආණ්ඩුවට බලකරලා කියනවා."

Rate this item
(0 votes)
Last modified on Thursday, 25 November 2021 12:34