March 28, 2024

පුතේ ගැහුවොත් ගහනවා: හිටියත් එකයි නැතත් එකයි - ඇමතිගෙන් සිරිසේන පිලට ප්‍රතිචාර (VIDEO)

November 25, 2021

දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා තමන් පාර්ලිමේන්තුවේ නොමැති අවස්ථාවක තමාගේ නම ප්‍රකාශ කරමින් ඉතාමත් පහත් විදියට කතා කර තිබෙන බව මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා සදහන් කළා.

ඒ හිටපු ජනපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව අලූත්ගමගේ අමාත්‍යවරයා කරන චෝදනා මුල් කරගෙන.

ඇමති සභාවට එයි

ඒ අවස්ථාවේ අලූත්ගමගේ අමාත්‍යවරයා සභාවේ නොසිටි අතර ජයසේකර මහතාගේ කතාවෙන් සුළු මොහොතකට පසු ඔහු සභා ගැබට පැමිණ පිළිතුරු දුන්නා.

ජයසේකර මහතා වල වල් කැපුවොත් තවත් කුණු එළියට එන කතාවක් ගැන කියා ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා එසේ හැදුවොත් ගඳ ගොඩක් එන බව තමන්ද පිළිගන්නා බව පෙන්වා දුන්නා.

එසේ කළහොත් අර්ජුන ඇලෝසියස්ගේ චෙක් වල ඉදල ගොඩක් දේ එළියට එන්න පුළුවන් බවට අමාත්‍යවරයා ජයසේකර මහතාට අනතුරුද ඇඟෙව්වා.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය

තමා වත්මන් ජනපතිගේ වැය ශීර්ෂය වෙලාවේ කතා කරමින් කිව්වේ පෞද්ගලික කාරණා නොව ජනපති කාර්යාලයේ වැය ශීර්ෂ දෙක පමණක් පිළිබඳව බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ වත්මන් ජනපති හා හිටපු ජනපති වැය ශීර්ෂ අතර වෙනස සංසන්දනය කිරීම පමණක් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේ එය තමාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් බව සඳහන් කරමින්.

වත්මන් ජනපතිවරයාට බොහෝ අය දොස් කියන බව අමාත්‍යවරයා සඳහන් කළේ කිසිදු අයෙක් සමග පෞද්ගලික ගැටුමකට , රණ්ඩුවකට යාමට අවශ්‍යතාවයක් නොමැති බවද පෙන්වා දෙමින්.

හිටියත් එකයි ගියත් එකයි

"කවුරු හිටියත් එකයි නැතත් එකයි , හැබැයි පුතේ කවුරු හරි අපිත් ගහනවා. ඒක මතක තියා ගන්න" යයි අලුත්ගමගේ මහතා මෛත්‍රිපාල සිරිසේන - දයාසිරි ජයසේකර පාර්ශවයට මතක් කර දුන්නා.

තමා නැති වෙලාවෙ ජයසේකර මහතා කළ කතාව වැරදි බව සඳහන් කළ අමාත්‍යවරයා තමාට මෙතනට පැමිණෙන ලෙස දැනුම් දීමට තිබුණු බවත් තමා මෙතැනට පැමිණියේ අමාත්‍යංශයේ සිටියදී ශෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා හා සුමිත් මන්ත්‍රීවරයා තමන්ට දොස් කියන බවට කළ දැනුම් දීමකට අනුව බවත් අමාත්‍යවරයා අනාවරණය කළා.

ගමේ ශාඛා සමිතිය හදා ගන්න බැරි අය ගැන මෙන්ම , උද්ඝෝෂණ වලට මුදල් දීපු වී මෝල් හිමියන් ගැනද මතක් කළ අමාත්‍යවරයා තමාට තවත් කතා කළහොත් මොනවා කීයවෙයිද දන්නෙ නැති බව සඳහන් කරමින් නිහඬ වුණා.

එම වීඩියෝව පහතින්,

Rate this item
(1 Vote)
Last modified on Thursday, 25 November 2021 15:34