April 24, 2024

මහින්දානන්ද නිහඬ කරගන්න: නැතිනම් අර්බුදයක් අත ළඟ - දයාසිරිගෙන් ආණ්ඩුවට රතු නිවේදනයක් (VIDEO)

November 25, 2021

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයා විසින් මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයාට පාර්ලිමේන්තුවේදී දැඩි ප්‍රහාරයක් එල්ල කළා.

ඒ දිගින් දිගටම හිටපු ජනපති හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව කරන චෝදනා වලට පිළිතුරු දෙමින්.

ඇමතිගේ නැටුම

එහිදී ශ්‍රී.ල.නි.ප මහ ලේකම්වරයා සඳහන් කළේ මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා පිල් විදහාගෙන මොනරා වගේ අද නටන බවයි.

එහෙත් පස්ස එළියෙ බව අලූත්ගමගේ අමාත්‍යවරයා දන්නෙ නැති බව සඳහන් කළ ජයසේකර මහතා ඔය වල තව යටට කපන ලෙස ඉල්ලා සිටියා.

එවිට හිටපු ජනපතිවරයාටත් පෙර සිත ජනපතිවරුන් ගැන තව කුණු මතු වන බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

ඉවසීමේ සීමාව

පොදුජන පෙරමුණ ආණ්ඩුවේ මන්ත්‍රීවරු 14ක් සිටින දෙවැනි විශාලතම කණ්ඩායමේ නායකයා වන සිරිසේන මහතාට මෙසේ දොස් නැගීම ඉවසාගෙන සිටීමට නොහැකි බවත් ජයසේකර මහතා සඳහන් කළා.

මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයාද දිගින් දිගටම  චෝදනා එල්ල කරන හිටපු ජනපතිවරයා ශ්‍රී.ල.නි.ප  සභාපතිවරයාද බවත් මතක් කර දුන් ජයසේකර මහතා තවදුරටත් මේ වැඩේ කරගෙන ගියහොත් ඉතා ළඟදීම බරපතළ අර්බූදයක් ඇතිවන බවට අනතුරු ඇඟවීමක්ද කළා.

මේ නිසා මේ ප්‍රශ්නය නිරාකරණය කිරීමට මැදිහත් වන ලෙස ජයසේකර මහතා කථානායකවරයාගෙන් මෙන්ම සභා නායක දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයාගෙන්ද ඉල්ලීමක් කලා.

ජයසේකර මහතා එසේ අලූත්ගමගේ අමාත්‍යවරයා විවේචනය කළේ අලුත්ගමගේ අමාත්‍යවරයා සභාවේ නොසිටි අවස්ථාවක.

එම වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)
Last modified on Thursday, 25 November 2021 13:12

Related items