March 29, 2024

සජිත් පිල අදත් අමුතු නිහඬ විරෝධයක Featured

November 25, 2021

සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් අද (25) පාර්ලිමේන්තුවේදී විරෝධතා පටි පැළඳ සිටියා.

"කාන්තාවන්ට එරෙහි හිංසනය නවත්වනු !"මැයෙන් මුද්‍රණය කරන ලද කුඩා ප්‍රමාණයේ රෙදි කැබැල්ලක්ද සිය ඇඳුමට අලවා ගෙන තිබුණා.

අදත් විරෝධය

සමගි ජන බලවේග එසේ විරෝධතාවය දැක්වුයේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතාගේ ක්‍රියාකලාපයට.

කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා සමගි ජන බලවේගය නියෝජනය කරන රෝහිණී කවිරත්න මන්ත්‍රීවරියට දෙපැත්ත කැපෙන අසභ්‍ය කතා ප්‍රකාශ කිරීමේ සිද්ධිය මේ වන විට සමාජයේ දැඩි අවධානයක් යොමු කර ගැනීමට සමත්ව තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් සිය මන්ත්‍රී වරප්‍රසාද යටතේ කවිරත්න මන්ත්‍රීවරිය කතානායකවරයාට පැමිණිලි කළ අතර කතානායකවරයා සිය ස්ථාවරය ප්‍රකාශ කරමින් සඳහන් කළේ කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා වැරදි බවයි.

මන්ත්‍රීවරයාගේ දැඩි ප්‍රතිචාරය

මින් ඉදිරියට එසේ නොකරන ලෙස කතානායකවරයා ඔහුට දැඩි අවවාද කළද කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා එය පිළිගැනීමට කැමති වූයේ නැහැ.

මේ නිසා කතානායකවරයා ඒ සම්බන්ධයෙන් ගත් තීරණය සම්බන්ධයෙන් තමන් සෑහීමකට පත් පත් නොවන බව කවිරත්න මන්ත්‍රීවරිය කථානායකවරයාට යළිත් දැනුම් දුන්නා.

පාර්ලිමේන්තු කාන්තා මන්ත්‍රීවරියන් හිංසනයට ලක් වීමට එරෙහිව පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව සියලු මන්ත්‍රීවරියන් එක් රැස් වී තිබෙන අතර ඊට නායකත්වය දෙන්නේ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ රාජ්‍ය ඇමතිවරියයි.

ඒ පාර්ලිමේන්තු කාන්තා මන්ත්‍රී සංසදයේ සභාපතිනිය ලෙස.

සජිත් පිල අදත් අමුතු නිහඬ විරෝධයක

Rate this item
(0 votes)
Last modified on Thursday, 25 November 2021 10:49