April 20, 2024

උපාධිධාරීන්ගේ රැකියා ස්ථිරයි : වැටුප 41000 දක්වා ඉහළට - රාජ්‍ය ඇමති

November 25, 2021

මේ වන විට රාජ්‍ය සේවයට බඳවාගෙන තිබෙන උපාධිධාරීන් ස්ථිර කොට ඔවුන්ගේ වැටුප් වැඩි කිරීමට වැඩ පිළිවෙළක් සූදානම් කරමින් සිටින බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කළා.

ඒ අනුව මේ වන විට තාවකාලික පදනම මත බඳවාගෙන ඇති උපාධිධාරීන් ස්ථිර කිරීමට නියමිතයි.

නව වැටුප් තලය

එසේ ස්ථිර කිරීමත් සමග එම උපාධිධාරීන් රු. 41000ක වැටුප් තලයක ස්ථාපිත කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

මේ වන විට උපාධිධාරීන්ට ලැබෙන්නේ රු. 20000 වැටුපකි.

ප්‍රතිලාභ හිමි වන ගණන

උපාධිධාරීන් 50000 කට රජයේ රැකියා ලබා දුන් බව රජය මීට පෙර ප්‍රකාශ කර තිබුණා.

රොෂාන් රණසිංහ රාජ්‍ය අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ පළාත් පාලන හා පළාත් සභා වැය ශීර්ෂ විවාදයට එක්වෙමින්.

Rate this item
(0 votes)
Last modified on Thursday, 25 November 2021 10:42