April 25, 2024

තවත් දුර්ලභ ගණයේ මැණිකක් මතුවෙයි - මෙරටින් හමුවූ විශාලතම මැණික එයයි

November 25, 2021

ඉතා දුර්ලභ ගණයේ Natural Phenakite වර්ගයේ මැණික් ගලක් මෙරටින් හමුවී තිබෙනවා.

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසන්නේ මෙම මැණික් ගල ශ්‍රී ලංකාවෙන් මෙතෙක් හමුවූ විශාලතම Phenakite මැණික බවයි.

එම මැණික් ගල මේ වනවිට බේරුවල ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකු වන මොහොමඩ් පස්රීන් නසීර් මහතා සතුව පවතින අතර එම මැණික ඔහු බලංගොඩ ප්‍රදේශයෙන් මිලදී ගෙන ඇති බව සඳහන්.

එහි බර කැරට් 616.90ක් වන අතර එහි මිල රුපියල් කෝටි 100ක් පමණ වන බව එම ව්‍යාපාරිකයා පවසන අතර මේ සම්බන්ධයෙන් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය දැනුවත් කිරීමෙන් අනතුරුව ඒ සඳහා ඔහුට සහතිකයක් ද නිකුත් කර තිබෙනවා.

මෙම මැණික් වර්ගය ඉතා දුර්ලභ බැවින් එය අධික මිලකින් යුක්ත වන බවත් කෞතුක වශයෙන් මැණික් එකතු කරන්නන් විසින් මෙවැනි මැණික් ගල් වැඩි මිලකට මිලදී ගනු ලබන බවත් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ මහතා පැවසුවා.

ඔහු පැවසුවේ මෙම මැණික් වර්ගය ඉතා දුර්ලභ බැවින් එය අධික මිලකින් යුක්ත බවයි. 

Rate this item
(0 votes)