April 25, 2024

ශ්‍රීලනිපයේ කොටසකට දොර වසා දමයි - අලුත් මාධ්‍ය අධ්‍යක්ෂවරයා බලය අතට ගනී Featured

November 25, 2021

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව මාධ්‍ය අධ්‍යක්ෂවරයෙකු පත් කර ඇති බව වාර්තා වනවා.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂවරයා වශයෙන් එම් එල් මධුශංක සිල්වා නැමැත්තා පත් කර තිබෙනවා.

ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ තමන් නිදහස් මග සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂ වරයා බවයි.

ශ්‍රීලනිපයේ තිබූ මාධ්‍ය සංවිධානද ඔහු විසින් අහෝසි කර ඇති අතර එවැනි සංවිධානවලට පක්ෂයේ නම, කාර්යාල භාවිතා කිරීමට ඔහු විසින් තහනම් කර තිබෙනවා.

ඔහුගේ තනතුර සහ අත්සන තබමින් එම ප්‍රකාශය නිකුත් කර තිබුණා.

එම් එල් මධුශංක සිල්වා නැමැත්තා සිය ෆේස්බුක් පිටුවේ පළ කර තිබූ සටහන පහතින්,

Rate this item
(3 votes)
Last modified on Thursday, 25 November 2021 02:20