March 29, 2024

ඊයේ අය - වැයට පොල්ල තැබූ පැත්ත මාරු කළ මන්ත්‍රීගේ නිවසට අද ප්‍රහාරයක් (PHOTOS)

November 23, 2021

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කින්නියා ප්‍රදේශයේ පාරුවක් පෙරළීමෙන් පෙර පාසල් දරුවන් ඇතුළු 6 දෙනකු මිය යාමේ සිද්ධිය මුල් කොටගෙන මේ වන විට එම ප්‍රදේශයේ කලබලකාරී තත්ත්වයක් උද්ගතව තිබෙනවා.

සිද්ධියෙන් කෝපයට පත් ප්‍රදේශයේ ජනතාව දේශපාලනඥයින්ට හා නිලධාරීන්ට එරෙහිව වීදි බැස තිබෙනවා.

පාලමක් ලබා නොදීම

ඒ පාලමක් ඉදි කිරීමට පියවර නොගැනීම මුල්කොටගෙන.

පාරුව පෙරළෙන අවස්ථාවේ පාසල් දරුවන් හා ගුරුවරුන් ඇතුළු 20 දෙනෙකු පමණ සිටි බවයි දැනගන්නට තිබෙන්නේ.

විරෝධතාකරුවන් ත්‍රිකුණාමලය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදීද විරෝධයක නියැලෙන බවත් වාර්තා වනවා.

මේ වන විට කලබලයට පත් විරෝධකරුවන් ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්.තවුෆික් මහතාගේ නිවසට ද පහර දී ඇති බවයි වාර්තා වන්නේ.

තවුෆික් මහතා රවුෆ් හකීම් මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන්නේ.

විපක්ෂයේ සිට ආණ්ඩුවට

ඔහු පසුගිය මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රී වරයෙක්.

එසේ තේරී පත් වී මාස දෙකක් යෑමටත් මත්තෙන් ගෙන ආ 20 වැනි සංශෝධනයේදී ඔහු සමගි ජන බලවේගය ගත් තීරණයට පිටුපා යමින් ඊට පක්ෂව ආණ්ඩුවත් සමග ඡන්දයදී ආණ්ඩුවට එකතු වූ මන්ත්‍රීවරයෙක්.

ඊයේ (22) මුදල් ඇමතිවරයා ඉදිරිපත් කළ 2022 අය - වැය දෙවන වර කියවීමේ විසර්ජන පනත් කෙටුම් පතට ඡන්දය විමසූ අවස්ථාවේ එය මග හැර ගිය ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් 6 දෙනා අතර කෙනෙක්.

එසේ මඟහැර යාම සම්බන්ධයෙන් තවුෆික් මහතා ආණ්ඩු පක්ෂය මන්ත්‍රී කණ්ඩායමේ ප්‍රධානීන් දැනුවත් කොට නොතිබූ බවත් වාර්තා වනවා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 23 November 2021 19:01