April 20, 2024

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී සැලසුම වෙනස් කරයි : මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වී 29දා රටිනුත් යයි

November 23, 2021

තමා ඉදිරි දින දෙක තුන තුළ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වන බව ආණ්ඩු පක්ෂ මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා අද (23) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

එසේ ඉල්ලා අස්වන තමා එළඹෙන 29 දින ඇමරිකාව බලා පිටත්ව යන බවද ඔහු සඳහන් කළා.

තානාපතිකම බාර ගැනීම

ඒ ඇමෙරිකාවේ හා මෙක්සිකෝවේ ශ්‍රී ලංකා තානාපති ධුරය භාර ගැනීමට.

සමරසිංහ මහතා කලින් සැලසුම් කර තිබුණේ අය - වැය විවාදයට හා ඡන්ද විමසීමට සහභාගි වී මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වී තානාපති ධුරය භාර ගැනීමට යෑමටයි.

කාල සටහන වෙනස් කිරීම

ඒ අනුව ඔහුගේ මූලික සැලසුම වූයේ 2022 වසර මුල ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති ධුරය භාර ගැනීමට.

තමා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වී ඇමරිකාවේ හා මෙක්සිකෝවේ ශ්‍රී ලංකා තානාපති ධූරය බාර ගන්නේ ජනපතිවරයාගේ ඉල්ලීමකට අනුව බවයි සමරසිංහ මහතා පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කළේ.

එම ධූරයේ වැඩ කටයුතු කිරීමෙන් පසු යළිත් ශ්‍රී ලංකාවට පැමිණ දේශපාලනය ආරම්භ කිරීම තම සැලසුම බවත් ඔහු සඳහන් කළා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 25 November 2021 02:55