April 24, 2024

මහවිරු සැමරුම් වෙනුවෙන් යාපනය සරසවියටත් තහනම් නියෝගයක්

November 23, 2021

යාපනය විශ්වවිද්‍යාලය තුල මහවිරු සතිය තුලදී කිසිදු අයුරකින් මහවිරු සැමරුම් පැවත්වීමට නොහැකි ලෙසින් යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයෙන් තහනම් නියෝගයක් ඊයේ (22) දින ලබාගත් බවට කෝපායි පොලීසිය පවසනවා.

කෝපායි පොලීසිය විසින් යාපනය විශ්වවිද්‍යාලයේ මහවිරු සැමරුම් සඳහා ඇති සූදානම පිළිබඳව සහ මහජන සාමය කඩවීමේ අවධානම පිළිබඳව යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව යාපනය මහෙස්ත්‍රාත් පීටර් පෝල් මහතා විසින් මෙම නියෝගය ලබා දී තිබෙනවා.

ඒ අනුව යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති, ලේකම් ඇතුලු ක්‍රියාකාරීන් පිරිසකට මෙලෙස මහවිරු සැමරුම් සඳහා තහනම් වන අතර විශ්ව විද්‍යාලය තුලදී කිසිදු සිසුවෙකුටද මහජන සාමය කඩවන අයුරින් සැමරුම් කිරීමට නොහැකි බවට පොලීසිය පවසා සිටියා.

නොවැම්බර් 21 වනදා සිට 27 වනදා දක්වා යෙදී ඇති මහවිරු සතිය තුලදී යාපනය විශ්වවිද්‍යාල සිසුන් පසුගිය වසර කිහිපය තුලදී රහසිගතව මහවිරු සැමරුම් සිදුකර අයුරු දැකගත හැකි වුණා.

Rate this item
(0 votes)