April 20, 2024

ඇමරිකාවේ නව ශ්‍රී ලංකා තානාපති පාර්ලිමේන්තුව අමතයි : ඉදිරි දේශපාලනය ගැන ඉගියකුත් දෙයි

November 23, 2021

තමා ඇමරිකාවේ හා මෙක්සිකෝවේ ශ්‍රී ලංකා තානාපතිවරයා හැටියට ගියත් තමා දේශපාලනයෙන් ඉවත් නොවන බව මහින්ද සමරසිංහ මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

ඒ තමාට පෞද්ගලික ප්‍රකාශයක් පාර්ලිමේන්තුවට කිරීමට අවශ්‍ය බව සඳහන් කරමින්.

ආණ්ඩුවේ හා විපක්ෂයේ ධූර

තමා අමාත්‍ය ධුරවලට අමතරව ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක යන දුර මෙන්ම තේරීම් කාරක සභා රැසක මූලිකත්වයද දරා ඇති බවද මන්ත්‍රීවරයා සභාවට මතක් කර දුන්නා.

තමා ඇමරිකාවේ තානාපති ධුරය භාර ගත්තේ ජනපතිවරයාගේ ඉල්ලීමකට අනුව බවයි මන්ත්‍රීවරයා අනාවරණය කළේ.

තව දින දෙක තුනකින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත්වී 29 වන විට ඇමරිකාව බලා පිටත්වීමට තමා බලාපොරොත්තු වන බවද සමරසිංහ මහතා සභාවට දැනුම් දුන්නා.

යළි දේශපාලනයට

තමාව මෙවරත් පාර්ලිමේන්තුවට පත් කළ කළුතර ජනතාවට විශේෂයෙන්ම ස්තූති වන බව සඳහන් කළ මන්ත්‍රීවරයා තමා පාර්ලිමේන්තුවෙන් ඉවත් වන්නේ අඛණ්ඩව වසර 27ක් සේවය කර බවද පෙන්වා දුන්නා.

තමා ඇමරිකාවට ගොස් රට වෙනුවෙන් සේවය කොට යළිත් මව්බිමට පැමිණ කළුතර දිස්ත්‍රික් ජනතාවට නායකත්වය ලබා දීමට සූදානමින් සිටින බවයි මන්ත්‍රීවරයා අනාවරණය කරන්නේ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 23 November 2021 12:47

Related items