April 19, 2024

එළවළු මිලේ සුළු වෙනසක්

November 23, 2021

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අද දින එළවළු ලැබීම් යම් මට්ටමකින් ඉහළ මට්ටමක පැවැති බව ආර්ථික මධ්‍යස්ථාන ව්‍යාපාරිකයෝ පවසනවා.

ඒ හේතුවෙන් පසුගිය දිනවල පැවැති කිලෝවක තොග මිලට සමගාමිව රුපියල් 50 - 60 ත් අතර ප්‍රමාණයකින් අඩු වී ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන ව්‍යාපාරිකයෝ පවසනවා.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට වැඩි වශයෙන් කන්ද උඩරට ප්‍රදේශයවලින් කැරට්, ලීක්ස්, බීට්, ගෝවා ආදී එළවළු වර්ග ලැබී තිබුණු බවත් ඇතැම් එළවළු සඳහා ඉහළ මිලක් ප්‍රකාශ කළ ද එම මිල ගණන් යටතේ අලෙවි නොවීම නිසා අඩු මුදල මිල ගණන් යටතේ එළවළු අලෙවි කිරීමට සිදුවන බව වෙළෙන්දෝ පවසනවා.

එමෙන්ම පහතරට ප්‍රදේශවලින් සහ යාපනය අර්ධද්වීපයෙන් ද මෙදින දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට වම්බටු, මෑකරල්, දඹල, පතෝල, තක්කාලි ආදී එළවළු වර්ග සැළකිය යුතු ප්‍රමාණයක් ලැබුණු බව පෙන්වා දෙන වෙළෙන්දන් කියා සිටියේ දුර බැහැර ප්‍රදේශවල එළවළු මිලදී ගැනීම සඳහා පැමිණෙන වෙළෙන්දන්ගෙන් අඩු වීම නිසා මිල පහත වැටීම සිදු වෙමින් පවතින බවයි.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ රුපියල් 300 ත් 350 ක් අලෙවි වූ ලීක්ස් කිලෝ අද (23) දින උදේ රුපියල් 260 ත් 280 මිලක් පැවතුණා. රුපියල් 350 ක් ව පැවති කැරට් කිලෝ එකක තොග මිල රුපියල් 250ත් 300ත් අතර මිලක් පැවතුණා .රුපියල් 350 අලෙවි වූ බෝංචි කිලෝ එකක් රුපියල් 200 ක් 220 අතර මිලක් පැවති අතර රුපියල් 280 ත් 300 ත් අතර මිලකට අලෙවි වූ තක්කාලි කිලෝව රුපියල් 200ත් 220 යන තොග මිලයකට අලෙවි වීම විශේෂ විශේෂත්වයක්.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මෙදින දකුණු පළාතෙන් දෙල් යම් මට්ටමකින් ලැබීම් ඉහළ ගොස් තිබීමත් සමග රුපියල් 200 කට පැවති දෙල් ගෙඩියක තොග මිල අද (23) දින රුපියල් 130 සිට 160 දක්වා මිලකට අලෙවි වූ බව වෙළෙන්දෝ පවසනවා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 23 November 2021 12:50