April 26, 2024

ඉන්දීය නි. මහ කොමසාරිස් යාපනයේ කොටි සැමරුමකට යයි - කොටි සංකේත පලදියි (PHOTOS)

November 23, 2021

යාපනයේ පිහිටි ඉන්දීය කොන්සල් ජනරාල් කාර්යාලයේ ප‍්‍රධානී මෙරට ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් රාකේෂ් නට්රාජ් ජයබාස්කරන් මහතා විසින් එල්.ටී.ටී.ඊ. සංවිධානය භාවිතා කල පුෂ්පය වන නියගලා මලක් පැළඳ ගනිමින් යාපනයේ මල්පැල් තවානක් විවෘත කිරීමේ සහ පැල බෙදා දීමේ උත්සව අවස්ථාවකට සහභාගි වී තිබෙනවා.

යාපනය නල්ලූර්හි පිහිටි ‘කිට්ටු’ හෙවත් සංගිලියන් උද්‍යානයේදී පසුගිය 20 වැනිදා පෙරවරුවේ මෙම උත්සවය පැවැත්වී ඇති අතර එහිදී නොවැම්බර් මාසයට යෙදී ඇති පැල සිටුවීමේ මාසය නිමිති කරගනිමින් දෙමළ ජාතික හරිත ව්‍යාපාරය විසින් මෙම වැඩසටහන සංවිධානය කොට තිබුණා.

උතුරු පළාත් හිටපු කෘෂිකර්ම ඇමැති පොන්නතුරෙයි ඓන්කරනේෂන් ප්‍රධානත්වයෙන් සංගිලියන් උද්‍යානයේ සංවිධානය කර තිබූ මෙම වැඩසටහන වෙනුවෙන් ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වී ඇත්තේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් රාකේෂ් නටරාජ් ජයබාස්කරන් මහතායි.

එහිදී ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් ඇතුළු ආරාධියන්ට කොටි සිංවිධානයේ පුෂ්පය වන නියගලා මලක් පළන්දවා සංවිධායකයන් විසින් ඔවුන් පිළිගෙන තිබුණා.

අනතුරුව සංවිධානය කොට තිබූ පැල බෙදාදීමේ වැඩසටහනටද නියඟලා මලද සමගින් ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස්වරයා සහභාගී වී තිබෙනවා.

මෙම වැඩසටහන 20 වනදා සිටි 26 වනදා දක්වා සංගිලියන් උද්‍යානයේදී පැවත්වෙන අතරම කොටි සංවිධානයේ මහවිරු සතියද එදිනයන්ට යෙදී තිබීම විශේෂත්වයක්.

වව්නියාව - රොමේෂ් මධුෂංඛ

Rate this item
(0 votes)
Last modified on Tuesday, 23 November 2021 12:51