April 24, 2024

වසර 07කට පෙර පැනවූ ගල්යිපොසේට් තහනම ඉවතට - පලිබෝධ නාශක පහකට අලුත් ගැසට්ටුවක්

November 23, 2021

කෘෂි කර්මාන්තය සඳහා යොදා ගනු ලබන පළිබෝධ නාශක ද්‍රව්‍ය 05ක් තහනම් කරමින් මීට වසර 07කට පෙර නිකුත් කොට තිබු ගැසට් නිවේදනයක් අවලංගු කරමින් නව ගැසට් නිවේදනයක් පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර්වරයා විසින් ඊයේ (22) නිකුත් කළා.

ග්ලයිෆෝසෙට්, ප්‍රොපනිල්, කාබරිල්, ක්ලෝෆයිරිෆොස් සහ කාබෝෆියුරන් නමැති රසායනික ද්‍රව්‍ය අන්තර්ගත පළිබෝධනාශක ද්‍රව්‍ය විකිණීම සහ භාවිතා කිරීම තහනම් කරමින් 2014/12/22 වැනිදා නිකුත් කොට තිබු ගැසට් නිවේදනයක් අවලංගු කරමින් පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර්වරයා විසින් මෙලෙස නව ගැසට් නිවේදනයක් නිකුත් කරන ලදී.

මහජනතාවගේ හිත පිණිස පළිබෝධනාශක තාක්‍ෂණික හා උපදේශණ කමිටුවේ උපදේශණය මත පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර් අනුර විජේසේකර මහතා විසින් 2014/12/22 වැනිදා අංක 1894/4 යටතේ නිකුත් කොට තිබු අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කොට තිබු නියමය අවලංගු කරන බව පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර් ජේ.ඒ. සුමිත් මහතා 2021 නොවැම්බර් මස 01 වැනිදා දිනැතිව නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් කොට තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 23 November 2021 12:51