April 24, 2024

පාර්ලිමේන්තුවේ කාලගෝට්ටියක් : කතානායක අණ නොතකා කුට්ටිආරච්චි යළිත් පැටලෙයි (VIDEO) Featured

November 23, 2021

පාර්ලිමේන්තුව අද (23) ආරම්භයේදීම ඉතා උණුසුම් තත්ත්වයක් ගත්තා.

ඒ කතානායකවරයාගේ අණ නොතකා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා කටයුතු කිරීම නිසා.

කථානායකවරයාගේ ඉල්ලීම

සමගි ජන බලවේගය නියෝජනය කරන රෝහිණී කවිරත්න මන්ත්‍රීවරියට කළ අපහාසය සම්බන්ධයෙන් සමාව ගන්නා ලෙස කතානායකවරයා මන්ත්‍රීවරයාට දැනුම් දුන්නා.

කථානායකවරයාගේ එම ඉල්ලීම කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා ප්‍රතික්ෂේප කලා.

තමා එවැනි අසභ්‍ය කතාවක් නොකී බවත් තමා කිව්වේ පොළේ බඩු විකුණන අය කියූ කතාව බවත් සදහන් කළ තමා අසභ්‍ය කතාවක් කිවූ බව ඔප්පු කළහොත් පාර්ලිමේන්තුවෙන් නොව සමස්ථ ජාතියේම සමාව ගන්නා බව මන්ත්‍රීවරයා සඳහන් කළා.

මන්ත්‍රීවරයාගේ අභියෝගය

කතානායකවරයා නිහඬ වන ලෙස දැනුම් දුන්නත් ඉතා උද්වේගයෙන් කතා කළ කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා තමන්ට අද (23) කතා කිරීමට අවස්ථාවක් දෙන බව ඊයේ (22) කතානායකවරයා තමන්ට කියූ බව සඳහන් කරමින් තමා කිවූ අසභ්‍ය වචන පෙළ පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කරන ලෙස සමගි ජන බලවේගයෙන් ඉල්ලා සිටියා.

ඒ දෙපාර්ශවයේම කෑකෝ ගැසීම් හා බැණ ගැනීම් මැද.

ඒ අවස්ථාවේ ඊට මැදිවුණු පාර්ලිමේන්තු කාන්තා සංසදයේ සභාපති රාජ්‍ය ඇමති වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියද කුට්ටිආරච්චි මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය හෙළා දකිමින් සඳහන් කළේ වක්‍රාකාරයෙන් හෝ මන්ත්‍රීවරියකට අපහාස කිරීමට ඉඩ නොදිය යුතු බවයි.

සමස්ත පාර්ලිමේන්තුවේම සිටින්නේ මන්ත්‍රීවරියන් 12ක් වැනි ඉතා අඩු වූ සංඛ්‍යාවක් බව ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළේ දේශපාලනයට පැමිණ තිබෙන ඒ කාන්තාවන්ව ආරක්ෂා ගත යුතු බවත් පෙන්වා දෙමින්.

මන්ත්‍රීවරියගේ ස්ථාවරය

රෝහිණී කවිරත්න මහත්මියද ඒ අවස්ථාවට මැදිහත් වෙමින් සඳහන් කළේ යළිත් වතාවක් අදද (23) තමාගේ වරප්‍රසාද කඩ වූ බවයි.

කුට්ටිආරච්චි මන්ත්‍රීවරයාට අවශ්‍ය ඔහු කිව්ව අසභ්‍ය වචන තමන් තුළින් කියවා ගැනීම බවද මන්ත්‍රීවරිය සඳහන් කළා.

පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත්‍රී සංසදයේ සභාපති සභාපතිත්වය දරන ප්‍රනාන්දුපුල්ලේ මහත්මියද ඒ වැරැද්දක් හැටියට පිළිගෙන තිබෙන බවත් සිය කතාවේදී කවිරත්න මහත්මිය පෙන්වා දුන්නා.

එම වීඩියෝව පහතින්,

Rate this item
(14 votes)
Last modified on Tuesday, 23 November 2021 13:43