April 25, 2024

මන්ත්‍රී තිස්ස කුට්ටිට කතානායකගෙන් දැඩි අවවාද : මන්ත්‍රීවරියට කණගාටුවත් පල කරයි (VIDEO)

November 23, 2021

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතාට කතානායකවරයා අද (23) දැඩි ලෙස අවවාද කළා.

ඒ මින් ඉදිරියට කාන්තාවන්ට අපහාස වන අයුරින් පාර්ලි මේන්තුවේ ප්‍රකාශ නිකුත් නොකරන ලෙසටයි.

කණගාටුව පළ කිරීම

කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා සමගි ජන බලවේගය රෝහිණී කවිරත්න මහත්මිය ඉලක්ක කරගෙන කළ අසභ්‍ය ප්‍රකාශය සම්බන්ධයෙන් තමන්ගේ කණගාටුවද මන්ත්‍රීවරිය වෙත පළ කරන බවත් කතානායකවරයා සඳහන් කළා.

මින් ඉදිරියට මෙවැනි තත්ත්වයන් ඇතිවීම වලක්වා ගැනීම සඳහා ආණ්ඩුව හා විපක්ෂය යන දෙපාර්ශ්වයේම ප්‍රධාන සංවිධායකවරුන් වග බලා ගත යුතු බවයි කතානායකවරයා සඳහන් කරන්නේ.

දැඩි පියවර

මින් ඉදිරියට මෙවැනි තත්ත්වයන් ඇති වුවහොත් පාර්ලිමේන්තුවේ විනය තබා ගැනීම සඳහා ස්ථාවර නියෝගවලට අනුව දැඩි පියවර ගැනීමට සිදුවන බවටත් කතානායකවරයා අනතුරු අඟවනවා.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මේ අදහස් පළ කළේ කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය ඉලක්ක කොට කළ අසභ්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් සිය ස්ථාවරය ප්‍රකාශයට පත් කරමින්.

මේ සිද්ධිය මුල් කොටගෙන පසුගිය දින කිහිපය පුරාම පාර්ලිමේන්තුවේ හා සමාජයේත් කතිකාවතක් ඇතිවී තිබුණා.

එම වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)
Last modified on Tuesday, 23 November 2021 15:23

Related items