April 19, 2024

වෙල්ගමගෙන් මරු කතාවක්: දෙපැත්තටම වනලා දායි - පාස්කු ශාපය ගැනත් කියයි (VIDEO)

November 19, 2021

සමගි ජන බලවේගය නියෝජනය කරන කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා අද (20) පාර්ලිමේන්තුවේදී අපූරු කතාවක් කළා.

ඒ අය - වැය විවාදයට එක්වෙමින්.

වැඩකට නැති අය - වැය

මේ අය - වැය කතා කිරීමටවත් සුදුසු අය - වැයක් නොවන බව සඳහන් කරමින් ඒ ගැන සුළු වේලාවක් කතා කළ මන්ත්‍රීවරයා ඉන් පසු ආන්ඩු - විපක්ෂ දෙපැත්තේම කෙරුවාව උදාහරණ සහිතව සහිතවම පෙන්වා දුන්නා.

විපක්ෂයේ සිටියත් ආණ්ඩුවේ පමණක් නොව විපක්ෂයේත් වැරදි පෙන්වා දෙමින් ඉතා සරල භාෂාවෙන් කළ කතාවට සියල්ලන්ගේම අවධානය යොමු වුණා.

විශේෂයෙන්ම වෙල්ගම මහතා මහින්ද රාජපක්ෂ පාර්ශවයේ සිටිද්දී සිදුවූ ඇතැම් දේශපාලන රහස් රැසක්ම පාර්ලිමේන්තුව හමුවේ තැබුවා.

එහිදී දෙපාර්ශවයම දේශපාලන පළිගැනීම් වස් විරුද්ධ පාක්ෂික මන්ත්‍රීවරුන් සිරගත කිරීම ගැන පෙන්වා දුන්නේ අද ඇතැම් අය කයිය ගැහුවට ඉන් පස්සෙ පොලීසියට බයේ හැඟෙන බව සඳහන් කරමින්.

පිටුපසින් එන සාපය

ඊට ආණ්ඩු පාර්ශවයෙන් උණුසුම් ප්‍රතිචාර ලැබුණු අතර ඒ අයගේ නම් කියන ලෙසත් ඉල්ලීමක් කළා.

මේ ආණ්ඩුව පිටි පස්සෙන් එන්නේ පාස්කු ප්‍රහාරයේ ශාපය බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා ඉන් ආණ්ඩුව පිස්සු වැටී ඇති බවත් සඳහන් කළා.

කාගෙන් ඇහුවත් රටේ පාලකයා පිස්සෙක් කියන තරමටම ජනතාව පත්ව තිබෙන බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා.

අගමැතිගෙන් කළ ඉල්ලීම

ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනපති අපේක්ෂකත්වය ලබා නොදෙන ලෙස තමා මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටි බවත් ඒ අවස්ථාව ජේෂ්ඨත්වය අනුව ඊළඟට සිටින දිනේෂ් ගුණවර්ධන මහතාට ලබාදෙන ලෙස ඉල්ලා සිටි බව මන්ත්‍රීවරයා හෙළිදරව් කළේ දිනේෂ් ගුණවර්ධන මහතාට පිස්සු නැති බවද සඳහන් කරමින්.

සමගි ජන බලවේගය ඉතා සාර්ථක උද්ඝෝෂණයක් කළ බවත් සඳහන් කළ මන්ත්‍රීවරයා මේ පාර්ලිමේන්තුවේ දැන් හැමෝම ජනාධිපති සිහිනයේ සිටින බවත් පෙන්වා දුන්නේ ඒ සඳහා දැනට සුදුසුකම් තිබෙන එකම පුද්ගලයා සජිත් ප්‍රේමදාස මහතා බවද මතක් කරමින්.

මේ ආණ්ඩුවට තුනෙන් දෙකක් තිබ්බත් සියල්ලටම වඩා බලවත් මහජන බලය බවට පෙන්නා දුන් මන්ත්‍රීවරයා ඉතා නුදුරේදීම එවැනි තත්ත්වයක් ඇති විය හැකි බවට අනතුරු ඇඟවූවා.

වෙල්ගම මන්ත්‍රීවරයා කතාව කරන විට මූලාසනයේ සිටියේ හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා වන අතර ඔහුටද ඔහුගේ ඉදිරි දේශපාලන ගමන අවවාද කිහිපයක් ද ලබා දුන්නේ ඔහුගේ පියා පිළිබඳවත් මතක් කරමින්.

Rate this item
(1 Vote)
Last modified on Friday, 19 November 2021 15:19