April 20, 2024

A-9 මාර්ගය භාවිත කරන රියදුරන්ට දැනුම්දීමක්

November 16, 2021

උතුරු පළාතෙහි A9 ප්‍රධාන මාර්ගයේ දෙපස අවිධිමත් ලෙස දිවා සහ රාත්‍රී කාලය තුළ වාහන නවත්වා තැබීම පිලිබඳ විශේෂ දැනුම් දීමක් උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් පළිහක්කාර මහතා විසින් සිදු කර තිබෙනවා.

ඒ අනුව වන්නි, කිළිනොච්චි, යාපනය, මුලතිව් සහ මන්නාරම යන දිසාවන් සහ කොට්ඨාස වලට අයත් සහ මාර්ග සංවර්ධනය අධිකායේ (RDA) සහයෝගය ලබා ගෙන වාහන නතර කිරීමට සුදුසු ස්ථානයක් හදුනා ගන්නා ලෙසත් රියදුරන් ඒ පිලිබව දැනුවත් කරන ලෙසත් දන්වා සිටිනවා.

අනාරක්ෂිතව වාහන නතර කරන ස්ථාන සඳහා ‘වාහන නතර කිරීමේ තහනම් (No parking)’ පුවරු ප්‍රදර්ශනය කරන ලෙසත් එම කාර්යයන් ඉටු වන තෙක් රියදුරන් අපහසුතාවයකට පත් නොකර අදාල ප්‍රදේශයන්හි පොලිස් රථ වාහන නිලධාරින් යොදවා මෙම කාර්යය නිසියාකාරව කරගෙන යාමට කටයුතු යොදන ලෙස කොට්ඨාස භාර පොලිස් නිලධාරීන් වෙත උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් පලිහක්කාර මහතා දන්වා සිටිනවා.

2021/01/01 දින සිට 2021/10/31 දක්වා ගෙවුණු කාලය තුළ උතුරු පළාතේ මාරක රිය අනතුරු 128 ක් වාර්තා වෙනවා.

එම මාරක රිය අනතුරුවලින් මරණ 134 ක් වාර්තා වන අතර බරපතළ සිද්ධි වශයෙන් 23ක් ද සුළු තුවාල සිද්ධි 308 ක් ද වාර්තා වෙනවා.

සෑම විටම තම රථය ධාවනය කිරීමට ප්‍රථම නිවැරදියි මනසකින් යුක්තව කටයුතු කරන ලෙසත් සෑම විටම ආසන පටි පැළදමින් රක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන ලෙසත් නිවැරදි මන්තීරු වේග සීමා පාලනය කරමින් රිය අනතුරු අවම කර ගැනීමට වග බලා ගන්නා ලෙස ඉල්ලා සිටින උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් පලිහක්කාර මහතා තමන්ගේ ආරක්ෂාවත් රථයේ ගමන් ගන්නා අයගේ ආරක්ෂාවත් තමන්ගේ ආදරණීයයන් ගේ ආරක්ෂාවක් ගැන සිතා සෑම විටම කටයුතු කරන ලෙස උතුරු පළාතේ සහ ශ්‍රී ලංකා වාසි සියලුම රියදුරු මහතුන් ගෙන් ඔහු ඉල්ලා සිටිනවා.

Rate this item
(1 Vote)