April 16, 2024

කිසිදු ඉන්ධන හිඟයක් නැහැ - පෝලිම්වල සිටින ජනතාවට දැනුම්දීමක්

November 16, 2021

කිසිදු තෙල් අර්බුදයක් රට තුළ නොමැති බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.

ජනතාව අනවශ්‍ය ලෙස කලබල වීම හේතුවෙන් තෙල් පිරවුම්හල් අසල අනවශ්‍ය ලෙස පෝලිම් ඇති වී ඇති බවත් ඔහු පවසනවා.

අමාත්‍යවරයා ඒ බව පැවසුවේ අද (17) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.

එහිදී ඒ මහතා මෙසේ ද සඳහන් කළා,

"විපක්ෂ නායකතුමා අහපු ප්‍රශ්නෙට ඇමතිතුමා ඇවිල්ලා ප්‍රකාශයක් කරයි. කථානායකතුමනි, පැහැදිලිව කියන්න ඕනේ කිසිම තෙල්වල අඩු පාඩුවක් දැනට නැහැ. අපරාධයක් මේ ජනතාව ගිහිල්ලා හදිසි වෙලාපෝලිම් වල ඉන්නේ. මමත් ගිහිල්ලා පෝලිමේ ඉඳලා තමයි තෙල් ගහගෙන ආවේ. මේක ජනතාව අවුස්සමින් යම් යම් කණ්ඩායම් ලොකු හිඟයක් එනවා කියලා මේ ජනතාව අපහසුතාවයට පත් කරනවා. ඒක තමයි සිද්ධවෙන්නේ. මම කියන්නේ මේක දේශපාලනයට හරවා ගන්නේ නැතිව ඉන්න කියලා. ඇති වෙන්න තෙල් තියනවා. තෙල්වල අඩුපාඩුවක් නොමැති බව විෂයභාර ඇමතිතුමත් ප්‍රකාශ කෙරුවා. ඒක නිසා අපි පැහැදිලිව කියනවා ජනතාවට ඉතාමත්ම ගෞරවයෙන්, හදිස්සි වෙලා කලබල වෙලා ගිහිල්ලා අනවශ්‍ය පරිදි තෙල් ගබඩා කරගන්න අවශ්‍ය නැහැ. මීට ඉස්සෙල්ලත් මෙහෙම ප්‍රශ්න ඇති වුණා. මෙහෙම ප්‍රශ්න ඇති කෙරුවා. අපි පැහැදිලිව කියනවා ජනතාවට කලබල වෙන්න එපා, ඇතිවෙන්න තෙල් තියෙනවා කියලා. තෙල් හිඟයකින් තොරව තෙල් සපයනවා මේ රජය."

Rate this item
(0 votes)
Last modified on Tuesday, 16 November 2021 13:23