April 20, 2024

මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ උප සභාපතිට ඇප

November 10, 2021

මාවනැල්ල මේඩෙරිගම විද්‍යාලයේ පසුගියදා පැවැති උද්ඝෝෂණය අතරවාරයේදි ඊට බධා කරන ලද මාවනැල්ල ප්‍රාදේශිය සභාවේ උපසභාපති ඇතුලු එම සභාවේ පොදුජන පෙරමුණ මන්ත්‍රීරුන් දෙදෙනා අද (10 ) ඇප කොන්දේසි මත මුදා හැරීමට මාවනැල්ල මහෙස්ත්‍රාත් අධීකරණයේ මහෙස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා නියෝගය කළා.

සාක්ෂිකරුවන්ට බලපෑම් කිරිම තහනම් කොට, පළාතේ විද්‍යාල වලට ආරාධනාවක් ඇතුව හෝ නොමැතිව ඇතුලු විම තහනම් කරමින්, එක් අයෙකුට ලක්ෂය බැගින් ශරිර ඇප තුනක් සහිත ඇප කොන්දේසි සමග මෙම මුදා හැරිම සිදු කළා.

මෙලෙස ඇප ලබා දෙන ලද්දේ මාවනැල්ල ප්‍රාදේශිය සභාවේ උප සභාපති කේ.ජී. පියතිස්ස මහතාට සහ එම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරන ඒ.පී.එස් අල්කේගම සහ කේ පාලිත විමලෙසේන අය අයටයි.

සබැඳි පුවත : මාවනැල්ල ප්‍රාදේශිය සභාවේ උප සභාපති අත්අඩංගුවට 

                 ගුරුවරුන්ට දෙමාපියන්ට බලය පෙන්වූ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු (VIDEO)

Rate this item
(0 votes)