April 25, 2024

විරෝධතාවේදී ඇද වැටුණු ගුරුවරිය මරුට

November 09, 2021

කොටපොළ පැවති දෙනියාය අධ්‍යාපන කලාපයේ ගුරු විදුහල්පති විරෝධතාව අතරතුරදී ගුරුවරියක් ඇද වැටී අද (09) සවස මිය ගොස් ඇතැයි කොස්මෝදර පොලිසිය පවසනවා.

මෙසේ මිය ගොස් ඇත්තේ දෙනියායේ පදිංචි (27) හැවිරිදි අවිවාහක වරුණි අසංකා මධුභාෂිණී නැමැති දෙනියාය මධ්‍ය විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ සේවය කරන ගුරුවරියක්‍.

ඇද වැටුණු ගුරුවරිය පසුව දෙනියාය මූලික රෝහලට 1990 සුව සැරිය ගිලන් රථයකින් රැගෙන යන විටත් මියගොස් තිබූ බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.

මෙම ගුරුවරිය දීර්ඝ කාලයක් තිස්සේ හෘදයාබාධ තත්ත්වවලට ලක්වී ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර ඒ සම්බන්ධ ශල්‍යාකර්මයකට ද ලක්කර ඇති බව ඇයගේ ඥාතීහු පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කොස්මෝදර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 09 November 2021 21:27