April 25, 2024

ගෑස් ටැංකියක් පුපුරා යයි

November 04, 2021

වැලිගම - කප්පරතොට - ඇවරියවත්ත ප්‍රදේශයේ පිහිටි හෝටලයක අද උදෑසන ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් 3 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

වැලිගම පොලීසිය සදහන් කළේ, සිද්ධියෙන් තුවාල ලැබූවන් මාතර මහරෝහල වෙත ඇතුළත් කර ඇති බවයි.

මොවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවයි රෝහල් ප්‍රකාශකයෙකු සදහන් කළේ.

පිපිරීමෙන් මෙම සංචාරක හෝටලයේ සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

එමෙන්ම අසල්වැසි නිවාස පහකට පමණ දැඩි අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

Rate this item
(0 votes)