April 19, 2024

උතුරේ හා මධ්‍යම පළාතේ දරුවන්ට සිකුරාදා නිවාඩුවක්

November 03, 2021

දීපාවලි දිනය වෙනුවෙන් එලඹෙන 05 වනදා උතුරේ සියලු පාසල් දරුවන්ට නිවාඩු ලබා දීමට උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා මහතා විසින් පියවර ගෙන තිබෙනවා.

ඒ පිළිබඳව උතුරු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු කාර්යාලය හරහා කලාප කාර්යාල වෙතට දැනුම් දී එමගින් පාසල් විදුහල්පතිවරුන් වෙතට දැනුම්දීමටද පියවර ගෙන ඇතැයි උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලය පවසනවා.

05 වනදා උතුරේ පාසල් වෙතට නිවාඩු ලබා දීම හේතුවෙන් එදින වෙනුවට එලඹෙන 13 වන සෙනසුරාදා දින පාසල් අධ්‍යාපන දිනයක් වශයෙන් එදින පාසල් පැවත්වීමටද පියවර ගෙන තිබෙනවා.

උතුරු පලාතේ බහුතරයක් දමිල හින්දු බැතිමතුන් වන අතර ඔවුන් දීපාවලි දිනය සැමරීම සෑම වර්ෂයකම සිදුකරන බැවින් මෙලෙස 04 වනදාට යෙදී ඇති දීපාවලි දිනය වෙනුවෙන් 05 වනදාද උතුරේ පාසල් වලටද නිවාඩු ලබා දීමට උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලය විසින් පියවර ගෙන තිබෙනවා.

දීපාවලි උත්සවය නිමිත්තෙන් මධ්‍යම පලාතේ සියළුම දමිල පාසල් සඳහා ද අනිද්දා (05) දින නිවාඩු දිනයක් ලෙස මධ්‍යම පලාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව එම දිනය වෙනුවෙන් මේ මස (13) දින අතිරේක පාසල් දිනයක් ලෙස සලකා කටයුතු කිරිමට මධ්‍යම පලාතේ සියළුම දමිල පාසල් වල විදුහල්පතිවරුන්ට සහ ගුරුවරුන්ට උපදෙස් ලබා දි තිබෙනවා.

හින්දු ජනතාවගේ ප්‍රධාන ආගමික උත්සවයක් ලෙස සලකන දීපාවලි උත්සවය හෙට (04) දිනට යෙදි තිබෙනවා.

Rate this item
(0 votes)